දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට වාහන තුනක් එකිනෙක ගැටුණු අනතුරකින් අද (15) පාසල් ශිෂ්‍යාවක් මියගොස් තවත් සිසුවකු තුවාල ලබා තිබේ.
ලංගම බස් රථයක් යාපනය දෙසට ගමන් කරමින් තිබියදී පාසලට යමින් සිටි සිසුන් කිළිනොච්චිය පාසල ඉදිරිපිටදී බස් රථයේ ගැටීම නිසා මේ අනතුර සිදුව ඇත.
බස් රථයේ සිසුවියන් ගැටීම නිසා එක්වරම ලංගම බස් රථයේ රියදුරු තිරිංග තද කර ඇත. ඒ සමගම ඊට පිටුපසින් පැමිණි වෑන් දෙකක් හා යතුරු පැදියක්ද බස් රථයේ ගැටී අනතුරට පත්ව තිබේ.
ලංගම බස් රථයේ ගැටීම නිසා මියගොස් ඇත්තේ තිරුවාසකම් මධුසාලිනී නැමති 17 හැවිරිදි ශිෂ්‍යාවයි. තුවාල ලැබූ සිසුවකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.







