දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේ සිටින ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් සහ උතුරු නැගෙනහිර පළාත්වල රදගුරු හිමිවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (10) දා යාපනයේ රදගුරු නිවස්නයේදී පැවැත්වුණි.
මෙම සාකච්ඡාවේ දී උතුරු නැගෙනහිර පළාත්වල දැනට පවතින දේශපාලන වාතාවරණය සහ සංවර්ධන කටයුතු පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව යාපනය රදගුරු නිවස සඳහන් කළේය.
මේ සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර වැසියන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු හා ඒවා විසදා ගැනීමට ස්විස්ටර්ලන්ත රජයේ මැදිහත්වීමේ ඇති අවශ්‍යතාවය පිළිබදවද ස්විස්ටර්ලන්ත තානාපතිවරයා සමග කරුණු සාකච්ඡා කොට තිබේ.







