කීර්ති ප්රනාන්දු
මාඔය පිටාර ගැලීම නිසා මේ වනවිට මුලුමනින්ම යටවී ඇති ගිරිඋල්ල නගරයේ විපතට පත්වූවන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කර ඇති බව ගිරිඋල්ල පොලිසිය පවසිය.
මීරිගම මදුරුපිටිය ප්රදේශයේ කුකුළු ගොවිපළක් තුළ ජලයට කොටුවී සිටි ගොවිපළේ සේවකයන් 38 දෙනකු යුද හමුදාව මගින් මුදවා ගත් බව ගම්පහ ආපදාකළමනාකරණ ඒකකය ලංකසර ට පැවසීය.
ම දිවුලපිටිය, මීරිගම නාරම්මල පන්නල අලව්ව වෙන්නප්පුව මීගමුව දන්කොටුව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් විශාල ගංවතුර තත්ත්වයකට ළඟා වෙමින් තිබෙන බවද ගම්පහ දිස්ත්රික් ආපදාකළමනාකරණ ඒකකය පවසයි.







