රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් ඇසුරු කළ පොලිස් නිලධාරීන් විශාල පිරිසකගේ නම් ගම් ඇතුළු සියලු තොරතුරු හෙළිවෙමින් ඇති බවත් ඔහු ඇසුරු කර ඇති ඉහළ තනතුරු දරන පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඉතා විශාල බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග හෙළි කරයි.
මේ කුඩු ජාවාරම්කරු සමග ගනුදෙණු කළ සමහර නිලධාරීන්ගේ වතගොත හෙළිවනවිට පොලිසියත් මවිත වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ තත්වය තුළ සියලුම නිලධාරීන්ගේ සවිස්තර තොරතුරු තහවුරුකර සොයා ගැනීම සඳහා දෙමටගොඩ රුවන්ගේ දුරකථන ජාල තොරතුරු පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය කියයි.







