තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කොට තිබේ.
එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,892කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.








