දිනසේන රතුගමගේ
වවුනියාව මන්නාරම දුම්රිය මාර්ගයේ පාලමක් මතට වී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි තරුණයින් දෙදෙනෙකුගෙන් එක් තරුණයෙකු දුම්රියක ගැටීම නිසා ඊයේ (06) එක් තරුණයෙකු මියගොස් තිබේ.
අනෙක් තරුණයා දුම්රියේ ගැටීමට පෙර පාලමෙන් පහළ පිහිටි ඔයකට පැන දිවි ගලවා ගෙන ඇති අතර ඔහුව ප්‍රතිකාර සදහා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කොට ඇත.
මියගිය තරුණයා සෙට්ටිකුලමේ මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි එන්.සුරේෂ් කුමාර් නැමති අයෙකි.
සෙට්ටිකුලම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන ය







