ලොව පුරා කිතුනු බැතිමත්හු අද (02) මළවුන්ගේ දිනය සමරති.
ශ්‍රී ලංකාවාසී කිතුනු බැතිමත්හු ද තම මියගිය දෙමව්පියන්, දූ දරුවන් ,ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරමින් අද දින සුසාන භූමිය වෙත ගොස් මළවුන් වෙනුවෙන් පවත්වන දේව මෙහෙයන්ට සහභාගි විය.
කිතුනු බැතිමත්හු මෙම නොවැම්බර් මාසය විශේෂ ආකාරයෙන් මලවුන් සිහි කිරීමේ මාසය හඳුන්වන අතර මෙම මාසය පුරාම කිතුනු බැතිමත්හු මළවුන් වෙනුවෙන් විශේෂ යාඥා මෙහෙය සහ දිව්‍ය පූජාවන් , දානමය පූජාවන් පවත්වමින් මළවුන් සිහි කිරීම සිදුකරනු ලබති.
ඒ අනුව ඊයේ (02) දින දෙවලපොල කමරගොඩ ශුද්ධවූ ලෙයොනාර්දු මුනිඳුන්ගේ දේවස්ථාන සුසාන භූමියේ මළවුන් සිහිපත් කරමින් පැවති යාඥාව හා දේවස්ථානය භාර ගරු සෑම් කුවින්ටස් පියතුමන් විසින් සුසානභූමිය ආසිරි ගැන්වීම සිදු කළ අවස්ථාව සේයාරුවේ දැක්වේ.







