එක රටක් එක නීතියක් රට තුළ ස්ථාපනය කිරීමට අධිකරණ අමාත්‍යවරයා කටයුතු කරමින් සිටියදී අතිවිශේෂ ගැසට්ටුවක් මගින් ඒ සඳහා වෙනම ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීම දැඩි සේ හෙළා දකින බව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන 24ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම කාර්ය සාධක බළකායට කිසිදු නීති විශාරදයෙක් ඇතුළත් වී නැති බව ද ඔවුහු අවධාරණය කරති.








