පැන්ඩෝරා පේපර්ස් ලියවිලි අතර ශ්‍රි ලංකාවේ ආණ්ඩුව නියෝජනය කරන කිසිදු දේශපාලකයකු ගෑවී නොමැති බවත් එහි සඳහන් වන්නේ මෙරට ව්‍යාපාරිකයකු ගේ සහ ඔහු ගේ බිරිය ගේ නම බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පරුම පැවසීය.
කෙසේ වුවද මෙම හෙළිදරව්ව පිළිබඳව සොයා බලා මාසයක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත නියෝග කර ඇතැයිද අමාතයවරයා කීය.
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිළි කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ කොමිසම ඒ අනුව මේ පිළිබඳව විමර්ශනය කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.
මෙහිදී තවදුරටත් කරුණු පැහදිළි කළ අමාත්‍යවරයා මෙම පැන්ඩෝරා පේපර්ස් මඟින් සිදු කරන ලද අනාවරණයන් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ දී ද ඊයේ (05) සාකච්ඡා කෙරුණු අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව පිළිබඳවද දැන්වූ බව සඳහන් කළේය.
මීට කලින්ද මෙවැනි ගවේශනාත්මක අනාවරණයන් එළිදැක්වුණු අතර ලෝකයේ රාජ්‍ය නායකයන් සුපිරි තරු ගණනාවක් ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වුවද ශ්‍රි ලංකාවේ දේශපාලකයන් පිළිබඳව එවැනි හෙළිදරව්වක් වී නැති බව ද අමාත්‍යවරා පෙන්වා දුන්නේය.







