ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුණ ඉදිකිරීමට පුරෝගාමී වූ ව්‍යාපාරිකයා වන Overseas Realty සමාගමේ ආරම්භක සභාපති එස්.පී.තාඕ මහතා පෙරේදා චීනයේ දී අභාවප්‍රාප්ත වී ඇති බව එම සමාගම සඳහන් කරයි.
චීනයේත් සිංගප්පූරුවත් පදනම් කරගෙන තම ව්‍යාපාර ජාලය ගොඩනැඟූ තාඕ මහතා මිය යන විට 105 වැනි වියේ පසුවිය.
ඔහු අවසාන කාලයේ චීනයේ නැංජින් ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහුගේ අභාවය සිදු ව ඇත්තේ එම ප්‍රදේශයේ දී ම ය.
පවතින කොවිඩ් වසංගත තත්වයත් සමග ඔහුගේ අවමංගල්‍ය කටයුතු පෞද්ගලික මට්ටමින් සිදු කර ඇති බව වාර්තා වෙයි.