ඇෆ්ගනිස්ථානයේ පාලකයන් ලෙස තලේබාන් සංවිධානය පිළිනොගන්නා ලෙසත් කාබුල්හි ශ්‍රී ලංකා මෙහෙයුම් කාර්යාලය වසා දමන ලෙසත් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
“ජිහාඩ් සහ අල්කයිඩා වැනි ත්‍රස්ත කණ්ඩායම්වල කේන්ද්‍රස්ථානයක් බවට එය පත්විය හැකි බැවින් ඇෆ්ගනිස්ථානය කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතුයි. එම නිසා එම රාජ්‍යයේ නව පරිපාලනය ශ්‍රී ලංකාව පිළිගත යුතු නොවේ. ශ්‍රී ලංකාව ද ඇෆ්ගනිස්ථානයේ සිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් කාර්යාලය වසා දමා එම කලාපයේම වෙනත් රාජ්‍යයක නව කාර්යාලයක් විවෘත කළ යුතු” බව ඔහු පැවසීය.
මීට පෙර ෆ්ගනිස්ථානය තලේබාන් සංවිධානය පාලනය කරන අවධියේදී එය ත්‍රස්ත කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. නව ඇෆ්ගන් පාලනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පැවතුනහොත් ත්‍රස්තවාදය නැවත වරක් ශ්‍රී ලංකාව තුළ හිස ඔසවනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.