ගර්භණී මවුවරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස කොතෙක් දැනුවත් කළ ද මේ වනතෙක් එන්නත ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ගර්භනී මවුවරුන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකින් 3000ක් පමණක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරයි.
කොව්ඩ් වෛරසය ආසාදනය වූ ගැබිනියන් 700ක් පමණ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව කී ඇය මේ මවුවරුන් සංකූලතා සහිතව දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් වුවහොත් ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වන බවද පෙන්වා දුන්නාය.
මේ දක්වා ගර්භනී මවුවරුන් 19ක් මිය ගොස් තිබේ. මෙසේ මිය ගිය මවුවරුන්ගෙන් කිසිවෙක් එන්නත ලබාගෙන නැත.