අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ඔක්සිජන් රහිතව සිදුවන කොවිඩ් මරණය අභියස… ආර්ථිකය දියුණු කරන්න මිනිසුන් ජීවත් විය යුතුයි… විශේෂඥ වෛද්‍යවරු කියති…..

ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඇති හැකියාව තවත් දින කිහිපයකින් ඉක්මවා යෑමට නියමිතයි...

by editor
අගෝස්තු 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේ ව්‍යසනය දැක දැක මුනිවත රකින වෘත්තිකයන් ගැන කණගාටුයි… මෙවැනි බිහිසුණු මොහොතක රට මේ අයුරින් විවෘත කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්…

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ වැඩිවීමත් සමග ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඇති හැකියාව තවත් දින කිහිපයකින් ඉක්මවා යනු ඇති බවත් මෙවැනි භයනාක ත්ත්වයක් හමුවේ රටේ කොවිඩ් සම්බන්ධ නීති රීති ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මේ වනවිටත් ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන් එම ධාරිතාව තවත් දින කිහිපයක් තුළ ඉක්මවා යනු ඇති බවට අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිතුක් කළ ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එම නිවේදනය මඟින් මෙසේද සඳහන් කරයි.

“ඔක්සිජන් ඉල්ලුම වැඩිවීමත් සමඟ එම පහසුකම් සැපයුම දින කිහිපයක් තුළ ඉක්මවා යනු ඇත. ඒ නිසා ඔක්සිජන් නොමැතිකම හෝ රෝගියාට අවශ්‍ය මොහොතේ රෝගියාගේ ඇඳ අසළට ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය පහසුකම් සහ තාක්ෂණික යාන්ත්‍රණයක් නොමැති වීම මරණ වැඩි විය හැකිය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔක්සිජන් පහසුකම් හිගය රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලිකව අංශයේද සමාන ලෙස අත් විඳින්නට සිදුවනු ඇති බව අපගේ වැටහීමයි.

මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් තහනම තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධ ව අපගේ අදහස නම් එය ඇවිළෙන ගින්නට පිදුරු එක් කිරීමක් වැනිය.

මෙම ලිහිල් කිරීම් සමඟ මෙතෙක් කලක් යම් මගපෙන්වීමක් තුළ කොවිඩ් සම්බන්ධව විනයක් ඇතිව කටයුතු තළ ජනතාව යම් ආකාරයකට නිදහස් කරන ලද කුරුල්ලන් ආකාරයෙන් හැසිරෙන තත්ත්වයක් ඇතිවිය හැකිය.

වෛද්‍ය විද්‍යා වෘත්තිකයන් නියෝජනය කරන ආයතනයක් ලෙස අදාළ තීන්දු තීරණ ගන්නන්ට මේ බැරෑරුම් තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම මූලික වගකීමකි. අපගේ මතය අනුව, ලිහිල් කිරීම් ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ යම් ජනගහණ ප්‍රතිශතයකට එන්නත් ලබා දීමෙන් සහ දෛනිකව වාර්තා වන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවේ තවදුරටත් අඩු වීමකුත් සමඟ බව යි. එනම් මෙතැන් සිට සති හතරක් හෝ අටක් වැනි කාලයක් තුළ ය.

ආර්ථික කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් සැලකීමේදී එම අගයයන් පහත වැටීම සමඟ රට යළි සුපුරුදු තත්ත්වයට පත් කිරීමේ පවතින හදිසිය ගැන අපටද හොඳ අවබෝධයක් ඇත. කෙසේ වෙතත් නොඉවසිලිමත්ව හදිසියේ රට විවෘත කිරීමට ගනු ලබන තීරණ හේතුවෙන් කොවිඩ් 19 ආශ්‍රිත මරණ හා රෝගාබාධ ඉහළ යා හැකි වන අතර අප බලාපොරොත්තු ආර්ථික වර්ධනයක් ඒ නිසා ප්‍රමාද වීම වැළැක්විය නොහැකිය.

වෛද්‍ය විශේෂඥයින් වශයෙන් අපි තරයේ විශ්වාස කරන්නේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයින් සහ සෙසු අය මුලින්ම ජීවතුන් අතර සිටිය යුතු බවයි. එසේම කොවිඩ් වසංගතය හමුවේ අප රට ආරක්‍ෂිත ස්ථානයක් වන තුරු මිස සංචාරකයින් අපේ රටට නොපැමිණෙනු ඇත.

එසේම රජයේ උපදේශකයන් පෙනී සිටින සහ ක්‍රියා කරන “වෘත්තිකයින්“ අදාළ තීරණ ගන්නන් දැනුවත් කිරීමට ධෛර්යය නොමැතිකම සහ ඒ වෙනුවෙන් පෙනී නොසිට නිහඬව සිටීම ගැන අපි කලකිරීමට හා කණගාටුවට පත් වන්නෙමු.

විශේෂයෙන් මෙම මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය සමඟ සංඛ්‍යා ඉහළ යාමේ තත්ත්වයත් සමඟ කොවිඩ් වසංගතය සම්බන්ධ දැඩි සීමා ක්‍රියාත්මක කිරීම අත්‍යවශය බව අපි අවධාරණය කරමු.

අපගේ වැටහීම වන්නේ ජීවන මාර්ගය රැක ගැනීමට මත්තෙන් ජීවිත ආරක්ෂා කර ගත යුතු බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් සුන් වෙයි…

Next Post

අවසන් සාකච්ඡාවත් අසාර්ථකයි… ගුරුවරු හෙට රථ පෙළපාළියකින් පැමිණ ජනාධිපති ලේකම්කාර්යාලය වටලන සැලසුමක….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.