කීර්ති ප්‍රනාන්දු –
නීති විරෝධීව කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන සුපිරි ප්‍රාඩෝ රථයක් ලඟ තබාගෙන භාවිතා කිරීමේ වරදට කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ඊයේ (01) සවස සැක පිට පොලිස් අත් අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
කඩුවෙල නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙක්වන ලක්මාල් විලත්ගමුව මෙසේ අත්අඩගුවට ගෙන ඇත.