සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු හරීන් ප්රනාන්දු ඊයේ (21) පාර්ලිමේන්තු සබාගැබට ප්රවේශ දොරකඩ දී තමන්ට පහර දුන් බව කියමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි තිස්ස කුට්ටිආරච්චි අද (22) වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කළේය.
පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ගිය වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා මන්ත්රීවරයාගෙන් පැමිණිල්ල සම්බන්ධව ප්රකාශයක් සටහන් කරගෙන තිබිණි.
ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධියෙන් අනතුරුව හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා තමන්ට පහර දුන බව තිස්ස කුට්ටිආරච්චි මන්ත්රීවරයා සිය කට උත්තරය මගින් ප්රකාශ කර තිබිණි.
මේ වනවිට හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා සිටින්නේ රෝහල්ගතවය.







