දිනසේන රතුගමගේ –
මුලතිව් තන්නිමුරුප්පු තුනේ කණුව ප්‍රදේශයේ එකම කුඹුරු යායකදී අකුණු සැර වැදීමෙන් ගොවීන් තුන් දෙනෙකු 15 දා සවස එම ස්ථානයේදීම මියගොස් තිබේ.
වර්ෂාව පැවති අවස්ථාවේදී මෙම ගොවීන් තුන් දෙනා කුඹුරු යායේ ස්ථාන තුනක සිට ඇති අතර වර්ෂාවත් සමගම පුපුරා ගිය අකුණක සැර වැදීමෙන් ඔවුන් කුඹුරේදීම මිය ගොස් තිබේ.
මියගිය ගොවීන් තුන් දෙනා මුලතිව් බටහිර කුමුලමුනෙයි පදිංචි කනපතිපිල්ලේ මයුරන් ( 35 ) පී.ස්වර්ණන් ( 35 ) හා මුලතිව් ව්ට්ටාපලෙයි පදිංචි එස්.සුජීවන් ( 46 ) යන තුන් දෙනාය.
මුලතිව් පොලීසියට සිද්ධිය පිළිබදව දැණුම් දීමෙන් පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර මුලතිව් මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණය පැවැත්වීම සදහා අදාල ප්‍රදේශයට පැමිණෙන තුරු මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු කුඹුරේම ඒ ඒ තැන්වල තිබෙනු දැකිය හැකි විය.







