දිනසේන රතුගමගේ –
යාපනයේ සිට ක්‍රියාත්මක වන දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ වෙබ් අඩවියක ප්‍රධාන මෙහෙයුම් කළමනාකාරවරිය ඊයේ (24) යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ කළමනාකාරවරිය තවත් පිරිසක් සමග එකතුව එම වෙබ් අඩවිය ඔස්සේ එල්.ටී.ටී.ඊ .සංවිධානයට පක්ෂපාතී අදහස් ව්‍යාප්ත කරමින් එම සංවිධානයට යළි පණ දෙන්නට උත්සාහ කරන බවට යාපනයේ කොටි විරෝධී සංගමයක් විසින් කරණ ලද පැමිණිල්ලකට අනුව වෙබ් අඩවියේ ප්‍රධාන මෙයෙයුම් කළමනාකාරවරිය අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් එම සැකකාරියගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.