අමරපුර මහා නිකායේ උත්තරීතර සංඝ නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකරන අද ( 25 ) දින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු සුරා සැල් වසා තිබීමට කටයුතු කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම නියෝගය උල්ලංඝණය කරන මත්පැන් අලෙවිසැල්වල මත්පැන් බලපත්‍රලාභීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම අද දින කොළඹ දිස්ත්‍රික්කය තුළ සියලුම ගව ඝාතකාගාර, මත්පැන් අලෙවි කරන සියලුම ආකාරයේ සුරාසල්, මස් සහ මාළු වෙළෙඳසල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.