එන්නත්කරණ වැඩපිළිවෙළේ දී අල්ලස්ගෙන එන්නත් ලබාගැනීමට පහසුකම් සලසන බවට ලද තොරතුරු මත ඒ ගැන විමසීමට යොදා සිටි බුද්ධි අංශ නිලධාරීන්ට මරදාන ප්‍රදේශයේ දී එන්නතක් ලබා ගැනීම සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් දහසක අල්ලසක් ගත් පුද්ගලයෙක් කොටු කරගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
මේ තැනැත්තා මරදාන ඩීන්ස් පාරේ පිහිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුබද්ධව සේවය කරන කාර්යාල සේවකයෙක් බව හෙළි වී තිබේ.
මේ පුද්ගලයා සන්තකයේ තිබී එසේ ලබා ගත් අල්ලස් සේ සැලකෙන රුපියල් 20000ක මුදලක් ද තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
කොළඹ අවට එන්නත්කරණ වැඩපිළිවෙළේ දී දිගින් දිගටම අල්ලස් ගැනීමේ සිද්ධි වාර්තා වී තිබිණි. එවැනි සිදුවීමක් කොතැනක හෝ සිදුවන්නේ නම් 0718591563 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටී.