ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජන ප්‍රතිචාර සඳහා නව QR කේත පද්ධතියක්!

by editor
ජූනි 17, 2026
in පුවත්
PoliceOfficer
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත සපයනු ලබන විවිධ සේවාවන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නව පියවරක් තබා තිබේ. ඒ අනුව පොලිස් සේවාවන් පිළිබඳ මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා මෙන්ම යෝජනා සෘජුවම ලබාගැනීම වෙනුවෙන් විශේෂ QR කේත (QR Code) පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

දිවයින පුරා ක්‍රියාත්මක සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි, ජනතාවගේ ප්‍රතිචාර සෘජුව සහ කඩිනමින් ලබාගැනීම මෙහි අරමුණයි. මේ වෙනුවෙන් “Sri Lanka Police Community Feedback Portal” නමින් සුවිශේෂී මාර්ගගත ඩිජිටල් වේදිකාවක් (Online Digital Platform) නිර්මාණය කර තිබේ.

මෙමඟින් පුරවැසියන්ට වඩාත් පහසුවෙන් සහ විනිවිදභාවයකින් යුතුව තම අදහස් පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමේ අවස්ථාව හිමිවේ. මෙම තොරතුරු ක්‍රමවත්ව විශ්ලේෂණය කරමින්, ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලී පොලිස් සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම QR කේතය භාවිත කිරීමේදී ජනතාවට තමන්ට අදාළ අංශය (අදහස, පැමිණිල්ල, ප්‍රශංසාව හෝ යෝජනාව) ඉතා පහසුවෙන් තෝරාගත හැක. එසේම තමන් කැමති නම් පමණක් පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමටත්, නැතහොත් නිර්නාමිකව අදහස් දැක්වීමටත් මෙහිදී අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. මීට අමතරව අදාළ පොලිස් ස්ථානයට පැමිණීමට හේතු වූ කාරණය හෝ සිදුවීම පිළිබඳ සවිස්තරාත්මකව පද්ධතියට ඇතුළත් කිරීමට ද පහසුකම් සලසා ඇත.

මෙම QR කේත පද්ධතියට අමතරව, ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියට පිවිස එහි ඇති ‘E-Services’ ඔස්සේ ද මෙම ‘Community Feedback Portal’ වෙත පිවිසීමේ හැකියාව මහජනතාවට පවතී. දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල මහජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථාන වන පිළිගැනීමේ අංශ සහ චෝදනාගාර ආසන්නයේ මෙම QR කේත පුවරු ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

RelatedPosts

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාව මේ පිළිබඳව දැනුවත් කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ට මඟ පෙන්වීම් සිදුකරන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Share69Tweet43
Previous Post

දෙමටගොඩ ආයුධ ගබඩාවේ සිද්ධිය… ප්‍රධාන සැකකරු සහ සැකකාරියක් අත් අඩංගුවට…

Next Post

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් දෙන්න බෑ – නීතිපති අභියාචනාධිකරණයට කියයි!

Related Posts

sooryawanshi
පුවත්

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

ජූනි 21, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
පුවත්

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
sooryawanshi

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

ජූනි 21, 2026
daya-g

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…
  • දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..
  • රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.