ඇමරිකා – ඉරාන ගැටුම ඉන්දීය සාගරය දක්වා ව්‍යාප්ත වී ඇති පසුබිමක, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ලෝකයේම අවධානය යොමු වී තිබේ. ඒ නව දිල්ලියේ පැවැති 11 වැනි රයිසීනා සංවාදයේදී (11th Raisina Dialogue) ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් දැක්වූ අදහස් හේතුවෙනි.
- IRIS Dena නෞකාව ගිලීයාම සහ ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම
2026 මාර්තු 4 වන දින ඇමරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ඉරාන IRIS Dena යුද නෞකාව ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී ගිලී ගියේය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවිකයන් 32 දෙනෙකු බේරාගන්නා ලදී.
නාවිකයන් 84-87ත් අතර ප්රමාණයකගේ සිරුරු සොයාගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු අතුරුදහන්ව ඇත.

IRIS Bushehr නෞකාව: එන්ජින් දෝෂයක් හේතුවෙන් ඉරානයේ තවත් නෞකාවක් වන ‘බුෂෙහර්’ (IRIS Bushehr) නෞකාවට ත්‍රිකුණාමලය වරායට පැමිණීමට ශ්‍රී ලංකාව අවසර දී තිබේ.

“අපි කිසිදු පාර්ශවයකට සහය දෙන්නේ නැහැ” – අමාත්‍ය විජිත හේරත්
ප්‍රකට මාධ්‍යවේදිනී පල්කි ෂර්මා (Palki Sharma) මෙහෙයවූ සංවාදයේදී, බේරාගත් ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ඇමරිකාවෙන් එල්ල වන බලපෑම් පිළිබඳව විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරිණි.
එහිදී ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ ජාත්‍යන්තර නීතියට අනුව පමණක් බවයි.
“අපි එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ මානුෂීය ප්‍රොටෝකෝලයන්ට අනුව අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. මෙම සිද්ධියේදී කිසිදු පාර්ශවයකට සහය දීමේ අදහසක් කොළඹට නැහැ.” – විජිත හේරත් අමාත්‍යවරයා පැවසුවේය.
මේ සිද්ධිය ලෝකය විග්රහ කරනා ආකාරය පහත ආකාරයෙන් සංක්ෂිප්ත කළ හැකිය.

.”ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්ගේ අදහස
රයිසීනා සංවාදයට එක්වූ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පෙන්වා දුන්නේ හම්බන්තොට, ඩියේගෝ ගාර්ෂියා සහ ජිබුටි වැනි විදේශීය කඳවුරු නිසා කලාපීය ආරක්ෂාව සංකීර්ණ වී ඇති බවය. ඉන්දියාවද මානුෂීය පදනම මත ඉරාන නෞකාවකට කේරළයේ කොචින් වරායට පැමිණීමට අවසර දුන් බව ඔහු මෙහිදී සිහිපත් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ද හේග් සම්මුතිය (Hague Convention) අනුව සටන්කාමීන් මධ්‍යස්ථ රටක රඳවා තබා ගැනීමේ නීතිමය ක්‍රමවේදය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඉරාන නාවිකයන් ආපසු යැවීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජාත්‍යන්තර නීතිමය විමර්ශනවලින් අනතුරුව ගැනීමට නියමිතය.







