මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නාවික මෙහෙයුමක් මඟින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගයක් හමුවී තිබේ.
එහි සිටි හය දෙනෙක් සැකපිට නාවික හමුදා බාරයට ගැණුනි. එම බහුදින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. ( ලංකාදීප)







