සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මළ මිනියකටත් බෝම්බ දමන සතුරු ප්‍රහාර මැද ඉරාන උත්තරීතර නායකයාගේ නොපැවැත්වුණු අවමංගල්‍යය…

by editor
මාර්තු 7, 2026
in දේශපාලන, පුවත්
imam-khomeini-prayer-hall-iran
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

එක් කලෙක විප්ලවීය හඬින් දෝංකාර දුන් ටෙහෙරානයේ හදවත අද දැඩි නිශ්ශබ්දතාවයකට ඇද වැටී ඇත. දශක තුනකට වැඩි කාලයක් ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ අයතුල්ලා අලි කමේනිට සැනසිල්ලේ අවසන් ගමන් යන්නට හෝ ඇමරිකාව සහ ඊශ්‍රයාලය ඉඩ දෙන්නේ නැත.

ඊශ්‍රයාලය යුද්ධය තීරණාත්මක අවුලවනු ලැබුවේ සිය ප්‍රථම ප්‍රහාර මාලාව එල්ල වූ  2026 පෙබරවාරි 28 වන දින අලි කමේනි ඇතුළු පවුලේ හය දෙනෙක් සහ ඉහළ පෙළේ රාජ්‍ය ප්‍රධානීන් පිරිසක් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඝාතනනය කිරීමෙනි. 86 වන වියේ පසු වූ ඔහුගේ මරණය ඉස්ලාමීය ජනරජයේ නායකත්වයේ දැවැන්ත වෙනසක් සනිටුහන් කළේය.

දැන්  යුද්ධය ඔහුව බිලිගත්තා සේම  ඔහු වෙනුවෙන් සැලසුම් කළ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ද ගොදුරු කරගෙන  තිබේ. 2026 මාර්තු 5 සිට මාර්තු 7 දක්වා වූ පසුගිය පැය 48 තුළ, අඛණ්ඩව එල්ල වන බෝම්බ ප්‍රහාර මධ්‍යයේ ඔහුගේ භූමදාන කටයුතු නැවත නැවතත් කල් දැමීමට සිදුව තිබේ.  එමගින් මුළු රටම දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇත. මෙම විශේෂාංගය මගින් ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ප්‍රධාන බටහිර මාධ්‍ය ආයතන මෙම සිදුවීම් වාර්තා කර ඇති ආකාරය සහ ටෙහෙරානයට එල්ල වන ප්‍රහාර හමුවේ පවතින තත්ත්වය පිළිබඳ සත්‍යාපිත තොරතුරු විමසා බැලීමකට ඉඩ හසර විවර කරගැනීමට උත්සාහ කළෙමු.

කමේනිගේ මරණය සැල දින වැලපෙන මිනිස්සු…

කල් දැමූ සමුගැනීම: අවිනිශ්චිත අවමංගල්‍ය උත්සවය

ඉරාන බලධාරීන් මුලින් නිවේදනය කළේ මාර්තු 4 වන දින සිට තෙදින අවමංගල්‍ය උත්සවයක් ආරම්භ කරන බවය. ඒ අනුව කමේනිගේ දේහය ටෙහෙරානයේ ‘මහා මොසල්ලා’ (Grand Mosalla) යාඥා සංකීර්ණයේ තැන්පත් කර මහජන ගෞරවය සඳහා අවස්ථාව ලබා දීමටත්, ඉන් අනතුරුව ඔහුගේ උපන් නගරය වන මෂාද් හි පිහිටි ඉමාම් රීසා සිද්ධස්ථානය වෙත දේහය රැගෙන ගොස් භූමදානය කිරීමටත් සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත්, ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාර තීව්‍ර කිරීමත් සමඟ එම සැලසුම් බිඳ වැටුණි. මාර්තු 4 වන විට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ “ආරක්ෂක හේතූන්” සහ “නොසිතූ ලෙස පැමිණි අතිවිශාල ජනකාය” හේතුවෙන් අවසන් කටයුතු ප්‍රමාද වන බවය. එහෙත් ඒ පිටුපස තවදුරටත් ප්‍රහාර එල්ල වේ යැයි පවතින බිය පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මාර්තු 5 වන දින, එම ප්‍රහාරවලින්ම මියගිය ඔහුගේ බිරිඳ සමඟ දේහය ඒකාබද්ධව භූමදානය කිරීමට තීරණය කළද, එය ද අත්හැර දැමීමට සිදු විය. මාර්තු 7 වන විටත් අවසන් පූජෝත්සවය වෙනුවෙන්  නව දිනයක් නියම කර නොමැති අතර, බලධාරීන් පවසන්නේ පවතින අඛණ්ඩ බෝම්බ ප්‍රහාර මීට ප්‍රධාන බාධාව බවය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ප්‍රහාර හමුවේ අසරණ වූ ඉරාන ජනතාව…

ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (IRNA) සහ දැඩි මතධාරී ‘තස්නිම්’ (Tasnim) පුවත් ඒජන්සිය වැනි ඉරාන මාධ්‍ය මෙම ප්‍රමාදයන් විදේශීය ආක්‍රමණ හමුවේ දක්වන “නොසැලෙන විඳදරාගැනීමක්” ලෙස හුවා දක්වයි. කමේනිගේ “ප්‍රාණ පරිත්‍යාගය” (Martyrdom) අවධාරණය කරන ඔවුන්, “සියොන්වාදී ප්‍රහාර මධ්‍යයේ ජාතිය උත්තරීතර නායකයා වෙනුවෙන් වැලපෙයි” වැනි සිරස්තල යොදා ගනිමින් පෙන්වා දෙන්නේ අවමංගල්‍යය කල් දැමීම දුර්වලකමක් නොව සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා ගත් උපායමාර්ගික තීරණයක් බවය. මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමට තවත් කාලය අවශ්‍ය බව ඉරාන ඉස්ලාමීය සංවර්ධන සම්බන්ධීකරණ කවුන්සිලයේ ප්‍රධානී මොහොසින් මහමුදි රජයේ රූපවාහිනියට ප්‍රකාශ කළේය.

කමේනිගේ  මරණය තහවුරු වූ වහාම මාර්තු 1 වන දින එංග්ලැබ් චතුරශ්‍රයට රැස්වූ කළු පැහැති වස්ත්‍රයෙන් සැරසුණු විශාල ජනකායකගේ දර්ශන ද, පළිගැනීම සහ එක්සත්කම වෙනුවෙන් හඬ නගන දර්ශන ද රාජ්‍ය රූපවාහිනිය විකාශය කළේය. පසුගිය පැය 48 තුළ ඉරාන මාධ්‍ය සිය අවධානය සංකේතීය ක්‍රියාවන් වෙත යොමු කර ඇති අතර, සීමිත පිරිසකට හෝ  උපහාර දැක්වීමට අවස්ථාව සලසමින් අවමංගල්‍යය පැවැත්වීමට නොහැකි වීම යටපත් කිරීමට උත්සාහ කරයි.

ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රකාශයට පත් කරන ලද දින 40ක ජාතික ශෝක කාලය පිළිබඳව ද ඔවුහු මෙහිදී ඉහළින් අවධාරණය කරති. ප්‍රහාර මධ්‍යයේ වුවද නව නායකයෙකු තෝරා ගැනීම සඳහා ‘විශේෂඥ සභාව’ (Assembly of Experts) සූදානම් බව පවසමින් පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය පෙන්වීමට ඉරානය කටයුතු කරයි.

ඊට ප්‍රතිපක්ෂව, BBC, Reuters සහ The New York Times වැනි බටහිර මාධ්‍ය මෙම පුවත වෙත වඩාත් විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් ගෙන ඇති අතර, යුද්ධය හේතුවෙන් අවමංගල්‍යයේ සංවිධානාත්මක සහ සංකේතීය කටයුතුවලට එල්ල වී ඇති බාධාවන් ඔවුහු අවධාරණය කරති. මාර්තු 4 වන දින BBC පුවත් සේවය වාර්තා කළේ, අවමංගල්‍යය කල් දැමීම මගින් “වර්ධනය වන ආරක්ෂක භීතිය” සහ “පාලන තන්ත්‍රයේ අනුප්‍රාප්තිකයා පිළිබඳ නොවිසඳුණු ප්‍රශ්න” පිළිබිඹු වන බවයි. මෙය සෘජුවම ගුවන් ප්‍රහාරයන්ට සම්බන්ධ බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මාර්තු 4 වන දින ටෙහෙරානයේ පැවැත්වීමට තිබූ උත්සවයේ මුල් සැලසුම් පිළිබඳව රොයිටර් පුවත් සේවය සවිස්තරාත්මකව වාර්තා කළ අතර, පාලන තන්ත්‍රය පළිගැනීමට ප්‍රතිඥා දෙන අතරතුර අවමංගල්‍ය උත්සවය හුදු ස්මාරක වන්දනාවක් බවට පත්ව ඇති ආකාරය රොයිටර් පුවත් සේවය පවසයි. එමෙන්ම රජය පාලනය කරන චතුරශ්‍රවල පවතින ශෝකය සහ විරුද්ධවාදීන් අතර පවතින රහසිගත සැමරුම් ඇතුළත් මිශ්‍ර මහජන ප්‍රතිචාර ද එහිදී ඉස්මතු කෙරිණි.

මාර්තු 3 වන දින ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළ වූ සමරු ලිපිය කමේනිව හඳුන්වා දුන්නේ ඉරානයේ කලාපීය බලය ව්‍යාප්ත කළ ද විරුද්ධ මතධාරීන් මර්දනය කළ “ඒකාධිපති පූජකයෙකු” ලෙසය. මෙලෙස අවමංගල්‍යය පැවැත්වීමට නොහැකි වීම, බාහිර පීඩනය හමුවේ පාලන තන්ත්‍රය අර්බුදයකට ලක්ව ඇති බවට සංකේතයක් ලෙස එම පුවත්පත අර්ථකථනය කළේය.

පසුගිය දින දෙක පුරා Bloomberg සහ NBC News වැනි ආයතන පෙන්වා දුන්නේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙයට සහභාගී නොවීම සහ මෙම අවමංගල්‍යය තවදුරටත් නොසන්සුන්කාරී තත්ත්වයක් හෝ ප්‍රහාර එල්ල වීමට හේතු විය හැකි අවදානම් සහගත ස්ථානයක් බවට පත්වීමේ ඉඩකඩ පවතින බවය. මීට අමතරව, කමේනිගේ දේහය රැගත් පෙරහැරක් ලෙස ව්‍යාජ ලෙස පෙන්වූ වීඩියෝ පට, ඇත්ත වශයෙන්ම ඉරාකයේ පැවති වෙනත් ආගමික වතාවත්වලට අදාළ ඒවා බවට AFP සහ Yahoo වැනි ආයතන විසින් සිදුකළ සත්‍යාපන වාර්තා (Fact-checking) මගින් තහවුරු කෙරිණි.

බෝම්බ වර්ෂාව: වැටලීමට ලක්වූ ටෙහෙරානය

අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නොහැකිව පවතින අවිනිශ්චිත තත්ත්වය, පසුගිය පැය 48 තුළ තීව්‍ර වූ ඇමරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන් සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. පෙබරවාරි 28 වන දින ඇමරිකාව විසින් ‘එපික් ෆියුරි’ (Operations Epic Fury) ලෙසත්, ඊශ්‍රායලය විසින් ‘රෝරිං ලයන්’ (Roaring Lion) ලෙසත් නම් කරමින් ආරම්භ කළ මෙම මෙහෙයුම් මගින් ඉරාන නායකත්වය, යුද මධ්‍යස්ථාන, න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර 2,000 කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇත.

ටෙහෙරානය තුළ පමණක් මෑතකාලීන ප්‍රහාරක රළ මගින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා (IRGC) මූලස්ථානය, මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන සහ අභ්‍යන්තර ආරක්ෂක කඳවුරු ඉලක්ක කර තිබේ. මාර්තු 4 වන දින, ටෙහෙරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ‘කුඩ්ස්’ බලකාය (Quds Force) සහ ‘බසීජ්’ (Basij) සංවිධානයට අයත් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල වූයේ ඔවුන්ගේ විධාන සහ පාලන පද්ධතිය අඩපණ කිරීමේ අරමුණ ඇතිවය. මාර්තු 5 වන දින ‘පක්දාෂ්ට්’ (Pakdasht) වැනි කාර්මික කලාපවලින් ජනතාව ඉවත් කිරීම සිදු වූ අතර, ඉන් අනතුරුව එල්ල වූ ප්‍රහාරවලින් ආරක්ෂක මධ්‍යස්ථානවලට හානි සිදු විය.

බටහිර ටෙහෙරානයේ සිදුවූ පිපිරීම්වලින් ඉන්ධන ගබඩා සහ නේවාසික ප්‍රදේශවලට ද හානි සිදු විය. මාර්තු 6 සහ 7 යන දිනවලදී ද මෙම ප්‍රහාරක රළ අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර, ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) වාර්තා කළේ ජෙට් යානා 80 කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් ටෙහෙරානයේ මිසයිල ගබඩා සහ IRGC හි ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ඉමාම් හුසේන් විශ්වවිද්‍යාලය ඇතුළු ස්ථාන වෙත බෝම්බ 230 ක් හෙළා ඇති බවය.

ඉරාන මාධ්‍ය මෙම ප්‍රහාර හඳුන්වන්නේ “ම්ලේච්ඡ සියොන්වාදී-ඇමරිකානු ආක්‍රමණයක්” ලෙසය. ‘මෙහ්ර්’ (Mehr) පුවත් ඒජන්සිය වාර්තා කළේ පාසල්, රෝහල් සහ ක්‍රීඩාගාර වෙත ප්‍රහාර එල්ල වී ඇති බවයි. සුන්බුන්වලින් පිරුණු වීදිවල වීඩියෝ දර්ශන බෙදාහරිමින් ඔවුන් බටහිර රටවලට යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා කරන අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර පිළිබඳව ද අවධාරණය කරයි. රාජ්‍ය රූපවාහිනිය පෙන්වා දෙන්නේ මෙම බෝම්බ ප්‍රහාර හමුවේ ජාතිය තවදුරටත් එක්සත් වන බවයි. නගර 174 කට මෙහි බලපෑම එල්ල වී ඇතත් පාලන තන්ත්‍රයේ බලකායන් තවමත් ස්ථාවරව සිටින බව ඔවුන් පවසයි.

Al Jazeera සහ Euronews වැනි බටහිර මූලාශ්‍ර, අසාදි කුළුණ (Azadi Tower) වැනි ප්‍රධාන සන්ධිස්ථාන අසල සිදුවන පිපිරීම් පිළිබඳ සජීවී වාර්තා සපයන අතර, ගිනිකොනදිග ටෙහෙරානයේ සිදුවන ගිනි ගැනීම් සහ විනාශයන් දර්ශන සහිතව ඉදිරිපත් කරයි.

යුද අධ්‍යයන ආයතනය (Institute for the Study of War) පෙන්වා දෙන්නේ ඉරානයේ බැලස්ටික් මිසයිල හැකියාවන් සහ අභ්‍යන්තර ආරක්ෂක මධ්‍යස්ථාන වෙත එල්ල වන මෙම ප්‍රහාර, ඔවුන්ගේ ප්‍රතිප්‍රහාරාත්මක හැකියාව හීන කිරීමට සහ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට දරන උත්සාහයක් බවය. AP සහ PBS News පුවත් සේවා පවසන්නේ ටෙහෙරානය දැන් භීතියෙන් පිරුණු “පාළු නගරයක්” (Ghost town) බවට පත්ව ඇති අයුරුය. වැසියන් සුන්බුන් ඉවත් කරමින් සිටින අතර කිසිදු විරෝධතාවක සේයාවක් දක්නට නොලැබේ. මෙම සමස්ත තත්ත්වය හමුවේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ සයිප්‍රසයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කලාපීය උණුසුම තවදුරටත් උත්සන්න වී ඇත.

අත්හිටුවන ලද ජාතියක්: ඉදිරිය කුමක් වේද?

ටෙහෙරානය සිය යුදමය ගැටුමේ සත්වන දිනය පසු කරමින් සිටින විට, කමේනිගේ නොපැවැත්වුණු අවමංගල්‍යය මගින් සංකේතවත් කරන්නේ පාලන තන්ත්‍රය සිය උරුමය සහ පැවැත්ම අතර සිරවී සිටින ආකාරයයි. ඉරාන මාධ්‍ය තවමත් සිය අභියෝගාත්මක ස්වරය පවත්වාගෙන යමින් ඇත. බටහිර වාර්තා මගින් එහි පවතින පැලීම් හෙළිදරව් කරයි.

ප්‍රහාරයන්හි කිසිදු අඩුවක් දක්නට නොලැබෙන පසුබිමක (මාර්තු 6 වන දින ඊශ්‍රායලයේ 11 වන ප්‍රහාරක රළ ටෙහෙරානයට එල්ල විය), දේහය භූමදානය කරන දිනය තවමත් අවිනිශ්චිතය. ඉරාන වැසියන්ට මෙය හුදු ප්‍රමාදයක් පමණක් නොවේ; එය මරණයේ අවසාන චාරිත්‍ර පවා උඩුයටිකුරු කළ යුද්ධයක බිහිසුණු පිළිබිඹුවකි. එක්ස් (X) පරිශීලකයෙකු සටහන් කර ඇති පරිදි, මෙම බාධා කිරීම් මගින් ඇති කරන මානසික බලපෑම බෝම්බවලින් සිදුවන විනාශයට වඩා දරුණු විය හැකිය.

අවසානයේ දී තේරුම් ගත යුත්තේ මේ යුද්ධය, යුද්ධයක දී වුව පවත්වා ගත යුතු එකඟතා හෝ ධර්මතාවයන් කුඩු කර ඇති බවය. ඇමරිකාව සහ ඊශ්‍රයාලය කමේනිගේ මළ මිනියටත් බෝම්බ ගසා තිබේ. ටෙහෙරානයේ නිහඬතාව භීතිය උපදවන්නේ ඒ නිසාය. බොහෝ දැවැන්ත කුණාටුවලට පෙර පරිසරය වටහා ගත නොහැකි තරමින් නිශ්චලවීම සිහිවන විටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපායට යන ගමනේ ගෙවී ගිය පැය 24…

Next Post

විපක්ෂයෙන් ඇමති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගයක් ලබන සතියේ පාර්ලිමේන්තුවට…  

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.