අසේල කුරුළුවංශ –
මහනුවර පත්තිනි මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරයට හේමන්ත බණ්ඩාර හේරත් තෙවන වරටත් අද (06) තේරී පත්විය.
පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්නගේ ප්රධානත්වයෙන් අද (06) මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී හේමන්ත බණ්ඩාර හේරත් සමඟ ලංකා තිලක විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ප්රියන්ත අමුණුගම තරඟ කළේය
එහිදී හේමන්ත බණ්ඩාර හේරත්ට ඡන්ද 14 ක්ද ප්රියන්ත අමුණුගම ට ඡන්ද 08 ක්ද ලැබිණි.
හේමන්ත බණ්ඩාර හේරත් නම මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්.බණ්ඩාරනයක යෝජනා කළ අතර ස්ථිර කරනු ලැබුවේ අලවතුගොඩ සමන් දේවලයේ බස්නායක නිලමේ භාෂණ කුලතුංග ි විසිනි.
ප්රියන්ත අමුණුගමගේ නම මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ විසින් යෝජනා කළ අතර ස්ථිර කරනු ලැබුවේ ගනේගොඩ ශ්රී කතරගම දේවලායේ බස්නායක නිලමේ අසංක රණවන විසිනි.
මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ධුරය සඳහා රජමහා විහාරාධිපතිවරු, භාරකාර හිමිවරු, බස්නායක නිලමේවරු හා ප්රාදේශීය ලේකම්වරු ඇතුළු 24 දෙනෙකු ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබා සිටියහ.
මහනුවර විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ ඡන්දය ලබාදීම සඳහා පැමිණ නොසිටියේය. මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාගේ සහය ලැබී ඇත්තේ තේරී පත් වුන හේමන්ත බණ්ඩාර හේරත්ටය.







