සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් නැවේ හිටිය ළමයි 300 ලොකු වෙලා… අධිකරණ ඇමති කියන කතාව…

by editor
මාර්තු 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඊයේ කී ළමයි 300ක් සහිත නැව බේරා ගත් බවත්,  එහෙත් එම නැවේ සිටි ළමයින් ලොකු වී ඇති අතර සිටියේ 208ක් පමණක් බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

අඩුම තරමින් පැය 24ක් පවතින බොරුවක් කියන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටි ඇමතිවරයා මේ පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාදවලට මුවා වී  වගකීම් රහිත ප්‍රකාශ කරමින් එම ප්‍රකාශ හරහා  ගිනි අවුලුවන්නට උත්සාහ නොකර බලය අවශ්‍ය වැදගත් විදිහට බලය ලබා ගන්නා ලෙස ඇමතිවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ ළමයින් 300ක් සහිත නැවක් ලංකාවේ මුහුදු සීමාවේ ඇති බවත් එම නැව මුදවා ගැනීමට රජය වහාම ක්‍රියා කළ යුතු බවත්ය.

මේ ප්‍රකාශය සම්බන්ධව ඊයේ ජනාධිපතිවරයාද සිය කණගාටුව පළ කළ අතර අධිකරණ ඇමතිවරයා මේ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී කීවේ මෙවැනි කතාවකි.

මේ වනවිට ඇති වෙලා තියන යුද්ධය ලෝකයටමට බලපාන එකක්. කොයි රටේ කොයි යුද්ධයක් ඇති වුනත් හානි වෙන්නේ මනුෂ්‍ය ජීවිත. අන්න ඒ නිසා තමයි අපේ විදේශ ඇමති තුමත් ජනාධිපති තුමත් නිතරම ආයාචනා කරන්නේ හැකි ඉක්මනින් සාමය ගේන්න.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

අපි කුඩා රටක් වුනත් මේ ආණ්ඩුවේ ආත්ම විශ්වාසය සහ හෘදය සාක්ෂිය ඉතාම විශාලයි. අපට ලෝකයේ කිසිම මනුෂ්‍යයෙක් කිසිම හේතුවක් නිසා මැරෙනවට අපි ආසා නෑ. ඒ වගේම අන්තර්ජාතික නීතිය අනුව ප්‍රඥප්තීන් අනුව අපි හැම විටම මධ්‍යස්ථව කටයුතු කරන රටක්. කිසිම රටකට අපේ භූමිය අපේ අහස අපේ වතුර තව කෙනෙකුට හානි කරන්න සූදානම් නෑ. අපි මධ්‍යස්ථයි. ඒ වගේම මානුෂීයයි.

අපි මෙසේ මහන්සි වෙනකොට යම් විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා නැවක් ඇවිත් තියනවා ඒකේ ළමයි තුන්සීයක් ඉන්නවා බේරගන්න මොකක්ද කරන්නේ. දැන් ඒ ළමයි ලොකු වෙලා ද දන්නෙ නෑ. මොකද 208ක් ඉන්න නැවක් අපේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම හරහා අපි ඔවුන්ට ආරක්ෂාව සපයා තිබෙනවා මනුෂ්‍යයින් වශයෙන්. ඒකේ ළමයි හිටියේ නෑ.

පැය 24ක්වත්  දුවන්නෙ තැති බොරුව මේ අය කියන්නේ ඇයි. මේ අය කරුණු හොයා ගන්නේ ෆේස්බුක් එකෙන්. මා දැක්කා ඔය ළමයි තුන්සීයෙ කතාව කියනවා නයි නාලිකාවෙ  නිවේදක මහත්තයෙක්. හැබැයි ඊට සුළු වෙලාවකට පස්සේ ළමයි කියන කෑල්ල හලලා තුන්සීයක් කියලා කියනවා. අදාල මන්ත්‍රීවරයා දැක්කේ කලින් දාපු එක විතරයි.

ඉරාන  නෞකාවට ගහන්න ඔත්තු සැපයුවේ ලංකා රජය කියලා මේ නිශ්චිත මොහෝතේ ප්‍රවෘත්තයක් යනවා. ඊට පස්සේ ඒ කණ්ඩායමේම කෙනෙක් දානවා ඉරානයේ නැවට ගහන්න ලංකාව තොරතුරු දුන්න හින්දා ලංකාවට තෙල් දෙන්නෙ නැතිව ඉන්නවා ඉරානය. පුලුවන් ඉක්මනින් ෂෙඩ් වලට ගිහින් තෙල් ගහගන්න කියලා ෆේස් බුක් එකක්.

මොනතරම් කාලකන්නි බංකොලොත් මිනිස්සුද. ඔබලා දේශපාලනය කරන්න. බලයට එන්න. නමුත් ඇත්ත කියලා එන්න. ප්‍රතිපත්තියක් ඇතිව එන්න. ක්‍රමයක් ඇතිව එන්න. ඔවුන් හිතන් ඉන්නෙ රට ගිනි අරගෙන හෝ අපට බලය ලැබෙනවා නම් කමක් නෑ කියලා.

පොඩි පොඩි හනුමලා හැම තැනම ඉන්නවා.  ජනතාව අපටත් දොස් කියනවා. තුනෙන් දෙකක් තියනවා. මේ වගේ අය අත් අඩංගුවට ගන්න බැරිද, කියලා. අපි එහෙම කරන්නේ නෑ. භාෂණයේ නිදහස ඒ ආකාරයෙන්ම තියනවා. ඒක වගකීම් සහිතව  පාවිච්චි කරන්න කියලා. මේක විපක්ෂයේ හැම මන්ත්‍රීවරයෙකුටම අදාල නෑ, ඔතනත් වගකීම් සහිත කීප දෙනෙක් ඉන්නවා.

මේ පාර්ලිමේන්තුව ගෞරවනීය තැනක්. ඇත්ත කියන්න ඕන තැනක්. හදිස්සියෙන් එහෙන් මෙහෙන් කෑලි උස්සන් එන්න එපා. මොකද ඒක ජනතාවට කරන අසාධාරණයක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරාන නාවිකයින් 204 දෙනා මුදාගෙන IRIS Bushehr නැව ශ්‍රී ලංකාවේ භාරයට ගත් පසු ලෝකය කියන කතාව අහන්න!

Next Post

ඉරාන නැව ගැන ජනපති ගත්තු තීන්දුව මරු… නාමල් කියයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.