දිනසේන රතුගමගේ
ඉන්දියාවේ සිට බෝට්ටුවක ආධාරයෙන් යාපනයට රැගෙන එමින් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 368 ක් සමග සැකකරුවකු කයිට්ස් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයින් තුන් දෙනෙකු විසින් බෝට්ටුවක පටවා යම්කිසි සැක කටයුතු දෙයක් ගොඩ බිමට රැගෙන එන බවට කයිට්ස් පොලීසියට ඊයේ (04) ලද තොරතුරක් මත පොලීසිය එම ස්ථානයට යන විට බෝට්ටුවෙන් මෙම කේරළ ගංජා තොගය බාගෙන තිබූ අතර පොලීසිය දැක සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇත.
අත් අඩංගුවට ගත් පුද්ගලයා යාපනයේ වේලනෙයි ප්‍රදේශයේ අවුරුදු 34 ක මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෙකු බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙම කේරළ ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් හාර කෝටි හැටපන් ලක්ෂයක් පමණ වන බවට බවට පොලීසිය ගණන් බලා තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුව කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් පලාගිය සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමටත් කයිට්ස් පොලීසිය පියවර ගෙන තිබේ.







