අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ආසාදිතයෙකුගේ කෙළ පහරකින් යතුරුපැදි කරුවෙකුගේ පවුලම නිරෝධායනයේ…

by editor
දෙසැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාතේ කොව්ඩ් ආසාදිත රෝගීන් පිරිසක් රැගෙන යන බස් රථයක සිට බුලත් විට කෑ රෝගියෙකුගේ කෙළ පහරක් වැදුණු මහ මග ගමන්ගත් මෝටර් බයිසිකල් කරුවෙක් හා ඔහුගේ මුලු පවුලම නිරෝධායනය කර ඇති බව බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ගම්පහ කොළඹ ආශ්‍රිතව කොවිඩ් ආසාදනය වූ රෝගීන් පිරසක් බස් රථයකින් අද   දහවල් වටවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිට ඇත. මේ බස් රථයේ සිටි අසංවර ආසාදිතයෙක් බුලත් විටක් පහමින් බස් රියේ ජනේලයෙන් පිටතට කෙළ ගසමින් පැමිණ තිබේ.

මෙසේ එන අතර බලංගොඩ නගරාසන්නයේ දී මේ පුද්ගලයා ගැසූ කෙළ පහක් වැදී තිබුණේ මහ මග ගමන් කරමින් සිටි බයිසිකල් කරුවෙකුගේ ඇඟටය. මේ බස් රියේ ගමන් කරන්නේ කොවිඩ් රෝගීන් පිරිසක් බව නොදත් යතුරුපැදිකරු හැකි උපරිම වේගයෙන් යතුරු පැදිය ධාවනය කර බස් රථයට හරස් කොට නවතා බසයට ගොඩ වී කෙළ පහර ගැසූ පුද්ගලයා සොයමින් බැණ වදින්නට පටන් ගෙන ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඒ අවස්ථාවේ දී එතැන සිටි රෝගීන් මෙම පුද්ගලයා අමතා මේ බස් රියේ ගමන් කරන්නේ කොවිඩ් ආසාදිතයන් පිරිසක් බැවින් වහාම බැස යන ලෙස දන්වා තිබේ. එය ඇසෙත්ම බිය වූ පුද්ගලයා සිය බෑගය ද බසයේ අත හැර දමා බැස බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් සිද්ධිය සැල කර තිබේ.

ඉන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු මැදිහත්ව පුද්ගලයා විෂබීජහරණය කර නිවසට යවා මේ වනවිට සියලුම නිවැසියන් සමග නිරෝධායනය කර ඇති බව බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය අගමැතිතුමා අතින් විවෘත වෙයි

Next Post

කුඩු සල්ලි කෝටි හයක් සමඟ කඩුවෙල දී ‘සොත්ති උපාලිගේ’ දියණියත් අත්අඩංගුවට

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.