ශ්‍රියානි විජේසිංහ –
මෙවර (2025) අධ්‍යයනය පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හෙට(10) ආරම්භ වේ.
මේ සදහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ හතලිස් හයදාස් පන්සිය විසි එකක් ද පෞද්ගලික අයදුම්කරුන් අනූහතරදහස් හතරක් විභාගය පෙනී සිටීමට නියමිතය.
දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන දෙදාස් තුන්සිය හැටදෙකක් ක්‍රියාත්මක වන අතර සම්බන්ධිකරන මධ්‍යස්ථාන තුන්සිය විසපහක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන තිස් දෙකක ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ කියන්නීය.
මේ වන විට සියලුම සමබන්ධිකරණ මධ්‍යස්ථාන සදහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කර අවසන් බවත් දිවයිනේ සියලුම පළාත් විභාගය සදහා සූදානම් බවත් ඇය පවසයි.
විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ උපදෙස් මාලාව විභාග අපේක්ෂකයින්ට ලබා දී ඇත.
- ශ්‍රී ලංකා පොලීසිය , ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව සැපයීමටත් ආපදාවක් ඇති වුවහොත් ඒ සඳහා මැදිහත් වීමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානයත් දැන් සූදානමින්ය.
- පෙරවරු 8.30ට විභාග ආරම්බ වීමට නියමිතව ඇත. විභාග අපේක්ෂකයින් සියලුම දෙනා විභාගය ආරම්භ වෙලාවට පැයකට කලින් විභාග මධ්‍යස්ථානයන් වෙත යාමටත් . විභාගය ආරම්භ වීමට පැය භාගයකට කලින් තමන්ට හිමි විභාග අංකය සහිත ආසනයේ අසුන්ගෙන සිටීමටත් කටයුතු කළ යුතුව තිබේ.
- සවස් වරුවේ විභාගය ආරම්භ වන්නේ පස්වරු 1.00ට බැවින් අදාල විභාග මධ්‍යස්ථානයන් වෙත දහවල් 12.00 වන විට සියලු දෙනාම පැමිණිය යුතුව ඇත. දවල් 12.30 වන වට තම විභාග අංකය සහිත අසුනේ අසුන්ගෙන සිටිය යුතුව තිබේ.
- සිකුරාදා දිනයන්වල දී පමණක් විභාගය ආරම්බ වන්නේ පස්වරු 2.00ට ය.
- අත්සන සහතික කරන ලද විභාග ප්‍රවේශ පත්‍රය ජාතික හැදුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා විභාග ශාලාව වෙත රැගෙන ගිය හැකිය. ඊට අමතරව රැගෙන යා හැක්කේ පෑන් පැන්සල් පමණි.
- ජංගම දුරකථන, බ්ලූටූත් උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ, ස්මාට් වොච් මකන දියර (ටිපෙක්ස්) සටහන් කිසිවක් විභාග ශාලාවට ගෙන යාම සපුරා තහනම්ය.
- විභාගයට පෙනී සිටින කාලය තුළ මුව සහ දෙකන් නිරාවරනය කිරීම අනිවාර්යයවේ.
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය තුළ පවතින කාල සටහන පිලිබඳ විශ්වාසය පලකරන්නැයිද සමාජ මාධ්‍ය තුළ හෝ වෙනත් ස්ථානයන් වෙත තිබෙන කාල සටහන් කරෙහි අවධානය යොමු නොකළ යුතුය.







