ශ්‍රියානි විජේසිංහ –
ඉන්දිය ව්‍යාපාරිකයෙක් විසින් මෙරට දිළිදු පවුල් සඳහා නොමිලයේ ලබා දීමට එවා ඇති මෙට්‍රික්ටොන් 130ක සහල් තොගයක් මාස තුනකට අධික කාලයක් පුරා කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරි දේශමාන්‍ය රුවන් අසුරමුණි පවසයි.
මේ වන විටත් මෙසේ රඳවාගෙන තිබෙන සහල් කිලෝ 1 30 000 ප්‍රමාණය විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවද එසේ විනාශ වුවහොත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද ඔහු ප්‍රකාශ කරයි.
මෙරට දිළිදු පවුල් සඳහා බෙදා දීමට මානූෂීය ආධාරයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වෙත එවන ලද කිරී පුණ්ණි සම්බා සහල් කන්ටේනර් පහ වෙනුවෙන් එක් සහල් කිලෝවකට රුපියල් 65ක බදු මුදලක් අයකිරිමට ආණ්ඩුව කටයුතු කරමින් පවතින බව රුවන් අසුරමුණි පැවසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ ද ඒ සඳහා ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ද ඔහු කීය.
කිසිදු මුදලක් අය නොකර නොමිලයේ ලබා දුන් මේ සහල් තොගය රේගු ගාස්තු වලින් නිදහස් කර දිළිඳු ජනතාවට ලබා දෙන්නට වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.







