බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාජුඩීන් ඝාතන විමර්ශන දිගුවේ පෙනෙන ප්‍රතිඵල  හෙවත්  කූඩුවල සිටිය යුතු නයි රෙද්ද අස්සේ දමාගෙන නපුරු තැනට  දෂ්ඨ කරගැනීම…

by editor
ඔක්තෝබර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –               

වසීම් තාජුඩීන් නැවතත් කරළියට පැමිණ තිබේ. නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංඟනය අසල පාර්ක් පාරේ ගින්නෙන් දැවී ගිය මෝටර් රථයක් තුළ වසීම් තාජුඩීන් ගොස් තිබුණේ  2012 මැයි මස 17 වන දිනය.

ඒ සිද්ධිය සිදුවී අවුරුදු 13 ක් ගෙවී ගොසිනි.

ඔහු මිය ගොස් තිබුණේ රිය අනතුරකින් බව පොලීසිය පළමුව ප්‍රකාශ කෙරුවද ඉන් අනතුරුව තාජුඩීන් ගේ මරණය හදිසි අනතුරක් නොවන බවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ඒ පැමිණිල්ල පරිදි අධිකරණයට ඉදිරිපත් කරන ලද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූයේ වසීම් තාජුඩීන් ගේ මරණය ඝාතනයක් බවය. ඔහුට  පහර දී මිය යාමෙන් පසුව ගිනි ගත් වාහනයේ වාඩි කර තිබුණ බව එම මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබුණි. එම වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් මගිනි.

සියළු  සත්වයෝ මරණය භුක්ති විඳින්නේමය යන්න අල් කුර්ආණයේ  (3:183)  පාඨයය. ඉන් අල්ලාහ් දෙවියන් වහන්සේ මෙළොව ජීවින්ගේ ස්‍වභාවය සඳහන් කර ඇත. ඒ අනුව යම් ජීවියෙකු මෙළොවට බිහි වීමත් සමගම එම ජීවියාගේ  මරණය සිඳුවන දිනය හා ස්ථානයද නිශ්චිත වන්නේය. එහි දැනුම ඇත්තේ අල්‍ලාහ් දෙවියන් වහන්සේට පමණක්ම බව අල් කුර්ආණයෙ පෙන්වා දී තිබේ.

වසීම් තාජුඩීන් ගේ මරණය පිළිබඳව ආගමික සංකල්පය එසේ වුවද මෙරට පවතින නීතිය අනුව එය එසේ නොවේ. වසීම් තාජුඩීන් දේශපාලනිකව නැවත නැවතත් ඉපදෙන්නේ ඒ නිසාය. තාජුඩීන් ඝාතන සිද්ධිය බොහෝ අවස්ථාවලදී දේශපාලනිකව යම් යම් පාර්ශවයන්ට මෙරට බලය ලබා ගැනීමට උදව් උපකාර කරමින් සිටී. එහෙත් ඔහුගේ ඝාතනයට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැත.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

  • සැකකාර ඝාතකයින්ටත් බඩ පිනුම් ගැසීමේ අවස්ථාව

තාජුඩීන් ඝාතනය ගැන චෝදනා නැගෙන්නේ රාජපක්ෂ පාර්ශවයටය.

එහෙත් ඊයේ  (01) දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාම නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරන ලද්දේ  වසීම් තාජුඩීන්ට යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් ඒ ගැන සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙසටය. මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තාජුඩීන් ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා ලවා බොරු සාක්ෂි නිර්මාණය කරවීම සඳහා ඇතැම් නිළධාරීන් කටයුතු කළ බවත් එම නිළධාරීන් අදත් ආණ්ඩුව තුළ ඉහළ තනතුරු වල සිටින බවද හෙළි කර තිබේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් සඳහන් කර ඇති ආකාරයට තාජුඩීන් ඝාතන සිද්ධියට බොරු සාක්ෂි නිර්මාණය කළ හා වර්තමානයේදී රජයේ ඉහළ තනතුරුවල සිටින නිළධාරී කවුරුද යන්න ගැන අපට අදහසක් නැතත් රාජපක්ෂලා ආරක්ෂා කර ගැනීම සඳහා තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට උත්සාහ කළ  පොලිස් නිළධාරියකු පිළිබඳව අපි දනිමු. එම පොලිස් නිළධාරියා මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයා ලෙස කටයුතු කරමින් සිටී. ඔහු ඩී.එල්.ආර්.රණවීරය.

2016 ජුනි 23 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත රහස් පොලීසිය දන්වා සිටියේ තාජුඩීන් ගේ මරණය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පැවැත්වූ විමර්ශන හිටි හැටියේ  නවතා දමා එම මරණය මාරක රිය අනතුරකින් සිදු වූවක් ලෙස වාර්තා සපයා මෙම ඝාතනය වසන් කිරීමට පොලීසියේ උසස් නිළධාරින් කටයුතු කර ඇති බවය.

  • වෙනත් නඩුවකට අදාලව තාජුඩීන්ගේ දුරකථන වාර්තාවක් ගත් නිලධාරියා…

කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර ගේ නියෝගය මත මියගිය තාජුඩීන්ගේ ජංගම දුරකථන ඇමතුම් වාර්තා වෙනත් අපරාධ නඩුවක අධිකරණ නියෝග මත ලබා ගෙන රාජ්‍ය   බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ වෙත ලබා දී ඇති බව මෙහිදී රහස් පොලීසිය අධිකරණය වෙත පවසා ඇත.

මේ සම්බන්ධයෙන් රහස් පොලීසිය වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ  අංක 05 ස්ථානාධිපති ලෙස සේවය කළ, අනතුරුව පොලිස් සේවයෙන් ඉවත්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විමර්ශන නිලධාරියකු ලෙස රාජකාරි කරන සමුද්‍ර සුදේශ්  විජේසිංහ ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේ. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්‍තේ තමා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණවීරගේ නියෝග මත තාජුඩීන් ගේ ඝාතනය ගැන පරීක්ෂණ කළ බවය.

තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීරගේ උපදෙස්‍ මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් මංකොල්ල කෑමක් ගැන පැවති අංක B 6802 /01/11 නඩුවේ නියෝගයක්  උපයෝගී කර ගෙන දුරකථන අංක කිහිපයක ඇමතුම් වාර්තා ලබා ගත් බවත් ඝාතනය කරන ලද තාජුඩීන් ගේ ජංගම දුරකථන අංකය වන 0777354500 අංකය පිළිබඳවද  වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළ බවත් එහිදී සමුද්‍ර සුදේශ් විජේසිංහ පවසා ඇත. තාජුඩීන්‍ ගේ දුරකථන අංකය හා සම්බන්ධ ඇමතුම් වාර්තා ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණට ලබා දීමට තමන් ඒවා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රණවීර වෙත ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

සමුද්‍ර සුදේශ් විජේසිංහ ගේ එම ප්‍රකාශය තහවුරු කරමින් ඩයලොග් සමාගමේ ප්‍රධාන විමර්ශන නිළධාරී ප්‍රේමසිරි රත්නායක රහස් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් කියා ඇත්තේ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ඉල්ලීම මත  තාජුඩීන් ගේ දුරකථන ඇමතුම් වාර්තාව 2012 මාර්තු 11 සිට 2012 මැයි 19 වන දින දක්වා වූ කාලයට අදාලව සවිස්තර තොරතුරු ඇතුළත් කර 2012 මැයි 20 වන දින සමුද්‍ර සුදේශ් විජේසිංහ ගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ බවය.

  • මුදල් පසුම්බිය අහුලාගත් වෙම්බඩි බාස්කරන්ගේ ප්‍රකාශ අතුරුදහන්

2012 මැයි මස 17 වන දින උදය හයයි තිහට පමණ කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ තිබී තාජුඩීන් ගේ මුදල් පසුම්බිය අහුලා ගත් වෙම්බඩි බාස්කරන් නැමැත්තාගෙන්ද රහස් පොලීසිය ප්‍රශ්න කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තමන් එම පසුම්බිය අහුලා ගත් දිනට පසු දින තමන් කිරුළපන පොලිසියට නාරාහේන්පිට පොලිසියට හා කොළඹ අපරාධ  කොට්ඨාසයට ගෙන ගොස් ප්‍රකාශ ගත් බවය. එහෙත් රහස් පොලීසිය ඒ පිළිබඳව  කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමසූ විට වෙමිබඩි බාස්කරන් ගේ කට උත්තරයක් නැති බව හෙළිවී තිබේ.

මේ අනුව තාජුඩීන් මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පැහැදිලි  විමර්ශනයක් සිදු කර ඇති බවට රහස් පොලීසිය එදින අධිකරණයට කරුණු වාර්තා කර ඇක. එහෙත් නියමිත ක්‍රමවේදයන්ගෙන් බැහැරව වෙනත් අධිකරණයක විභාග වන නඩුවක අධිකරණ නියෝගයක් උපයෝගී කර ගනිම්න් දුරකථන ඇමතුම් වාර්තා පවා ලබා ගනිමින් අරඹන ලද තාජුඩීන් ගේ මරණය සම්බන්ධ පරීක්ෂණය දින දෙකක් ඇතුළත නවතා දමා මේ මරණය මාරක රිය අනතුරක් බවට වාර්තා කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.එල්.ආර්.රණවීර ක්‍රියා කර ඇති බවට රහස් පොලීසිය මෙහිදී අධිකරණය වෙත දන්වා ඇත. මේ අනුව තාජුඩීන් ගේ මරණය රිය අනතුරකින් වූ බවට තීරණය කිරීමෙන් එම මනුෂ්‍ය ඝාතනය වසන් කිරීමට අදාල පාර්ශවයන් කටයුතු කර ඇතැයිද මෙහිදී රහස් පොලීසිය පවසා තිබුණි.

  • පොලිස් ඇමතිලාගේ  උපදේශකයෙක් වූ තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ නිලධාරියා

රහස් පොලීසිය 2016 ජුනි 23 වන දින අධිකරණය ඉදිරිපත් කර ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට තහවුරු වන්නේ එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.එල්‍.ආර්.රණවීර තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇති බවය. ඩී.එල් .ආර් .රණවීර මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටී.

එහෙත් ඔහු වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයාය.

මෙරට ආන්දොලනාත්මක මනුෂ්‍ය ඝාතනයක සාක්ෂි වසන් කිරීමට කටයුතු කළ පොලිස් නිළධාරියකු තමන් ගේ උපදේශකයා ලෙස සමීපයේ තබා ගන්නට

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබලට හැකි වීම මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනිය. අඩුම ගානේ මේ ඇමති ඩබලට ඒ ගැන ලැජ්ජාවක් හිරිකිතයක් නැති වීමද විමතිය දනවන කාරණයකි.

මේ වන විට වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව සමාජය තුළ නැවතත් කතා බහක් නිර්මාණය වී තිබේ. මේ කතා බහ තුළත් උපදින්නේ බරපතල සැකයකි. තාජුඩීන් ඝාතනය කළ පිරිස අතර කජ්ජා හඳුනාගැනීමට ගත් හදිසි උත්සාහය ප්‍රකාශිත සැක කරුගේ 15 හැවිරිදි පුතා විසින් ප්‍රශ්න කර බිඳ දැමිය හැකි තරම් තුට්ටු දෙකේ වැඩක් බව සමාජයට පෙනෙමින් ඇති ආකාරය කිව යුතුව ඇත. එමෙන්ම සිද්ධිය වු කාල රාමුව පිළිබඳව සලකා බලන විටත්, ගමේ කසිප්පු කාරයෙකුගේ කට වැසීමට යොදා ගන්නා කජ්ජා වැනි සූපිං කෑලි තමන්ගේ ද බෙල්ල සිඳ ගන්නා වැඩකට 120 බස් කොන්දොස්තර රස්සාවෙන් ගලවාගෙන යොදා ගැනීමට තරම් රාජපක්ෂලා ගොබ්බයින් දැයි සිතෙන සාධාරණ සිතිවිල්ලට දිය හැකි සාධාරණ පිළිතුරක් සොයා ගත නොහැකි විටත් පසුගිය දා වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ලවා සිදුකළ හදිසි මාධ්‍ය ප්‍රකාශය පිළිබඳවත් අපට නම් සාධාරණ සැකයක් මතුවන්නේය.  රෙද්ද අස්සේ දා ගත් නයි ආණ්ඩුවේ කජු ඇටවලට දෂ්ඨ කරන බව දැන්වත් ආණ්ඩුව තේරුම් නොගැනීම අපට තේරුම් ගත නොහැකි අවුලකි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ  උපදේශකයා ලෙස තාජුඩීන් ඝාතනයේ සාක්ෂි  වසන් කළ පැන්ෂන් පොලිස් කාරයා නීතියටත් පුරවැසියන්ටත් ” කොකා” පෙන්වමින් ඇතැයි අප තුළ උපදින සැකයට ආණ්ඩුවට දිය හැකි පිළිතුර කුමක්දැයි අපට වැටහීමකුත් අපට නැත.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබලට තමන්ගේ උපදේශක උන්නැහේ ගැන මේ කරන චෝදනා වලින් ගැලවීමට අවශ්‍ය නම් ශුද්ධ වු අල් කුර්ආණයේ සඳහන් වී ඇති “සියළු සත්වයෝ මරණය භුක්ති විඳින්නේමය. එහි දැනුම ඇත්තේ අල්ලාහ් දෙවියන් වහන්සේට පමණය” යන ආගමික වුවද පාවිච්චි කළ හැකිය.

එසේ කළත් අප පුදුම වන්නේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නිසි ලෙස වෙලා නෑ… රෝහල් රැසක සේවා බිඳ වැටිලා… වගකීම රජය භාරගත යුතු බව GMOA කියයි!

Next Post

කුඩු සළිඳුගේ සමීපතම ගෝලයා පියුමා, 15 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.