දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ තට්ටුවාම් කෝට්ටි ප්‍රදේශයේ අතහැර දමා තිබු නිවසක් තුළ අද (29) සිදුවූ කිසියම් පිපිරීමක් නිසා පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
අතහැර දමා තිබූ නිවසේ පස් ඉවත් කිරීමට ගිය පිරිසක් වළක් හාරමින් සිටියදී එක්වරම පොලොව යට වළලා තිබූ බෝම්බයක් වැනි යමක් පිපිරී ගොස් ඇත.
පුපුරා ගිය වස්තුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම නිවස බාහිර පුද්ගලයින්ට තහනම් කාපයක් බවට පත් කොට ඇති කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







