බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිය අනතුරු වළක්වා ගන්න අවුරුදු ගානක් තිස්සේ අපි කරපු යෝජනා මේ ආණ්ඩුවටත් ඉදිරිපත් කළා … ඔවුන් ඇහුවෙත් නෑ…. ජනාධිපති තුමනි… අපි මේ කියන්නේ මොනවද කියලා දැන්වත් අහන්න…

රටම මළගයෙක් කළ ඇල්ල රිය අනතුරින් පසු අන්තර් ජාතික කීර්තියට පත් ධාවන ශූර ඩිලන්ත මාළගමුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි...

by editor
සැප්තැම්බර් 5, 2025
in පුවත්
Dilantha-Malagamuwa
Share on FacebookShare on Twitter
  • රිය අනතුරු වැළැක්වීමේ ජාතික වැඩසටහන් ගණනක ක්‍රියාශීලී වුනා… සන්නාම තානාපති ධූරය දැරුවා… හැමදේම කළේ ස්වේච්ඡාවෙන්… ඒ මේ රටට ආදරය නිසා… ඒත් අපි කියපු එක දෙයක්වත් ඇහුවෙ නෑ…

  • මේ නොසැලකීම නිසා රිය අනතුරු වළක්වන්න බලතල සහිත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන්න යෝජනා කළා. ඒ යෝජනාව ගෙනාවේ දළ වශයෙන් ජාතික ධනය බිලියන 760ක් රිය අනතුරු නිසා විනාශ වෙන නිසා… ඒක කිසිම කෙනෙක් තැකීමක් කළේ නෑ…

  • මීට මාස දෙකකට කලින් රට මළගමක් වුනා… ඒකම යළිත් සිද්ධ වෙලා… මේ වෙලාවෙවත් ජනාධිපති තුමනි… අපි කියන දේට ඇහුම්කන් දෙන්න… මාලගමුව සංවේදීව කතා කරයි….

අවුරුදු ගණනක් තිස්සේ මේ රටේ රිය අනතුරු වැළැක්විය හැකි ආකාරය පිලිබඳ විද්‍යාත්මක පදනමක සිට සෑම රජයකටම යෝජනා ඉදිරිපත්කළත් කිසිවෙක් ඒ සම්බන්ධව නිසි බරින් ඇහුම්කන් නුදුන් බවත් ඇසූ ඇසූවන්  කම්පාකරමින් ආසන්න කාලයක් තුළ දෙවැනි බිහිසුණුම බස් අනතුර සිදුවී රටම මළගෙයක් වූ මොහොතේ නැවතත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ විෂය ප්‍රමාණික පුද්ගලයින්ගෙන් සමන්විත  ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඉහළම මට්ටමින් මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන ලෙසත් යැයි   අන්තර්ජාතික කීර්තියට පත් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව  පවසයි.

ඔහු ජනාධිපතිවරයාට දන්වා සිටින්නේ රටේ වෙනසක් කිරීමට පැමිණි රජයක ප්‍රධානියාට මේ ප්‍රශ්නය මගහැර පියමං කළ නොහැකි බවය. තමන් ඇතුළු වෘත්තීය කණ්ඩායම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වූ වැඩපිළිවෙළක වසර ගණනක් තිස්සේ   වැඩ කරන්නේ මේ රටටත්, මේ රටේ නිරපරාදේ මිය යන මිනිසුන්ගේ ජීවිතවලටත් ආදරය කරන නිසා බව ජනාධිපතිවරයාට දන්වන ඩිලන්ත මාලගමුව වෘත්තීය කණ්ඩායම් කොපමණ දේ විද්‍යාත්මකව පෙන්වා දුන්නත් රජයක් ලෙස එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවන්නේ නම් මේ මහා විනාශය මේ අයුරින්ම හෙටත් සිදුවන බවය.

ඩිලන්ත මාලගමුව මේ රජය විසින් ද අත්හැර දැමූ තැන් සිහි කරමින් ජනාධිපතිවරයාව අමතන්නේ මේ රජය පත් කිරීම වෙනුවෙන් විශාල මහජන මතවාදයක් ගොඩනැගූ ජනමත නායකයෙක් වශයෙන් වීම ද විශේෂය.

ඔහු කියන්නේ මෙවැන්නකි.

” වත්මන් රජය ඇතුළු හැම රජයකටම අපි මේ කතාව කියලා තියනවා. ලංකාවේ තියන මිනිසා විසින් ඇතිකරන ලොකුම ඛේදවාචකය තමයි රිය අනතුරු. ලෝක බැංකු වාර්තා අනුව රටේ දල ජාතික නිශ්පාදනයෙන් සියයට 4ක් විතරය වියදම් වෙන්නේ රිය අනතුරුවලට. ඒ කියන්නෙ රුපියල් බිලියන 730ක්. මේක නිරපරාද වියදමක්. ඒ වගේම මේ මිය යන්නේ ආබාධිත වෙන්නේ රටේ ශ්‍රම බලකාය. ඉන් ආර්ථිකයට සිද්ධ වෙන වියදම මේ වනතුරු ගණනය කරලා නෑ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මේ ගැන අවංකවම මැදිහත් වෙනවා නම් ජනාධිපතිතුමා යටතේ රිය අනතුරු වැළැක්වීම සම්බන්ධව ජනාධිපති කාර්යා සාධන බලකායක් පිහිටුවිය යුතුයි. ඊට ප්‍රශ්නයට මැදිහත්වීම සඳහා බලතල තිබිය යුතුයි. රටට ආදරය කරන අවංක විෂය ප්‍රාමාණිකයින්ගෙන් ඒ කමිටුව සමන්විත විය යුතුයි. එවැනි විද්වත් පිරිස් අපේ රටේ ඉන්නවා.

මම, ජාතික වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීමේ කමිටුවේ සන්නාම තානාපති හැටියට අවුරුදු හය හතක්ම කටයුතු කළා. බස්නාහිර ආණ්ඩුකාරතුමා යටතේ රිය අනතුරු වැළැක්වීමේ කාර්ය සාධක බලකායක් හදලා තියනවා. ඒකේ මම මාධ්‍ය ප්‍රකාශක සහ සන්නාම තානාපති ලෙසත් කටයුතු කරනවා. මං වගේම ගොඩාක් අය වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. රටට තියන ආදරයට තමයි මිනිස්සුන්ට මේ ඇවිල්ලා තිබෙන්නේ.

මේ අනතුරු වැලැක්විය හැක්කේ කොහොමද කියන එක අපි හැම රජයකටම කියලා දීලා තියනවා. මේ රටේ නීතිය තද වෙන්න ඕන මීට වඩා. මේ රටේ විනය සම්පූර්ණයෙන්ම පිරිහිලා තියෙන්නේ. රියදුරන් ගැන මේ අවිනිතකම විශේෂයි. අපි උනත් පාරට බැස්සම හිත කළකිරෙනවා. බස් රියදුරන් ගැන කියන්න දෙයක් නෑ. ගොඩාක් අය මත්ද්‍රව්‍ය පානය කරනවා. මේක සම්බන්ධව විධිමත් පර්යේෂන කරන්න අපිට පුලුවන්. ඒ තත්ත්වයන් ගැන කියලා යෝජනා ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් රජය තමයි පියවර ගත යුත්තේ.

මීට කලින් අපි එක දිගටම කිව්වා මගී ප්‍රවාහනයේ දී රියදුරන් හරියට පුහුණු කරන්න ඕන විදිහ,  ඔවුන් අධීක්ෂණය කරන්න ඕන ආකාරය, මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ඒ කටයුත්තට සුදුසුද නැද්ද කියලා අධීක්ෂණය කළ යුතු විදිහ. මේ සියලු දේ සහිත සමස්ථය ගැන අපි අවුරුදු හය හතක් තිස්සේ කියනවා. වැඩක් වුනේ නෑ.

මේ අනතුර අරන් බලන්න. කඳු ප්‍රදේශවල ඉඳන් එනකොට බ්‍රේක් එකටම කකුල තියාගෙන ආවොත් ටික වෙලාවක් යනකොට බ්‍රේක් නැතිව යනවා. එන්ජින් බ්‍රේකින් වලින් වාහනය පාලනය කරගන්න ඕන. මේකට පුහුණුවක් පළපුරුද්දක් අවශ්‍යයයි. අන්න ඒ පුහුණුව පළපුරුද්ද නැති නිසා තමයි මේ විදිහේ අනතුරු වෙන්නේ. අපි හැමදාම කියනවා අවුරුදු ගානක් පළපුරුද්ද තියන අයට පමණක් මගී ප්‍රවාහනයට ඉඩ දෙන්න කියලා. අහන්න කෙනෙක් හිටියේ නෑ… මේ කරුණු කියන්න ගියොත් ඉවරයක් නෑ.

ඇත්තට ගරු ජනාධිපති තුමනි. ඔබතුමා ඇවිත් ඉන්නේ රට හදන්නනම් මේ ජාතික ව්‍යසනයට නවත්වන්න අවංකවම මැදිහත් වෙන්න. නැවත වරක් ඉල්ලන්නේ. ජනාධිපති කාර්ය සාධක බලකායක් හදන්න. මෙච්චර කාලයක් හැම රජයකටම කියාගෙන එන වෙන්න ඕන දේ තේරුම් අරන් මේ ප්‍රශ්නයට තීරණාත්මකව මැදිහත් වෙලා විසඳුමක් දෙන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික මීලාද් – උන් – නබි සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ අපරාධ පරීක්ෂණයකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කරයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.