පොලිස් දිනය දා සිදුවූ සැක සහිත සිදුවීම් කීපයක් සම්බන්ධව විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් විශේෂ විමර්ශන අංශය වෙත නියෝග කර තිබේ.
පොලිස්පතිවරයාගේ වගකීම සහිත 159වැනි පොලිස් දින සැමරුමට අදාලව බරපතලම ගැටලුව මතුවී තිබෙන්නේ උත්සව සංවිධාන කටයුතුවලදී ය. සංවිධාන කටයුතු භාරව සිටි උසස් නිලධාරීන් පොලිසියේ නිල පිළිවෙළට අසුන් පැනවීමට හෝ අසමත්ව සිටි අතර ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ශාලාව පසුපස සිටගෙන සිටීමට සිදුවු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම ජනාධිපතිවරයාව නිල ලෙස පිළිගැනීම සඳහා පවත්වන පොලිස් පෙළපාලියේ ප්‍රධාන නිලධාරියා යොදවන තැනැත්තා සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත්වන නමුදු මෙවර ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා පිළිගැනීමට යොදවා තිබුණේ අන්ත දූෂිතයෙක් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරියෙක් බව එම ආරංචි මාර්ග කියයි.
පොලිස් දිනයේ සංවිධාන වැඩකටයුතුවලින් පොලිසියේ පරිපාලන ප්‍රධානීන් සම්බන්ධ කරගෙන නොමැති බවත් කැපී පෙනෙන ලෙස සලකුණු වී ඇති බව පවසන පොලිසිය අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වනවිට නව පොලිස්පතිවරයා වටා සිටින්නේත් පූජිත් ජයසුන්දරට පොලිසිය තුළ බරපතල අර්බුද ඇති කළ පසුව දේශබන්දු තෙන්නකෝන් වටා රැස්ව සිටි නිලධාරීන් පිරිස බවය.
මේ පිරිස සමග ඉදිරි ගමනක් පිලිබඳ සිතනවා නම් එය නුදුරේදීම බරපතල ගැටලුවක් ඇති කරවන තීරණයක් විය හැකි බවත්, තමන්ගේ මිත්රයින්, එක කණ්ඩායමේ කණ්ඩායම් සගයින් ලෙස සිටියත් තමන් විසින් ලං කරගෙන සිටින උසස් නිලධාරීන් පිළිබඳ සැලකිල්ලෙන් සිටීම පොලිස්පතිවරයාගේ මෙන්ම රටේත් යහපතට හේතුවනු ඇති බවත් පොලිසිය තුළින්ම එන ආරංචි මාර්ග පවසයි.







