ඇල්ල ප්‍රදේශයේ සිදු වූ ඛේදජනක අනතුරින් ජීවිත අහිමි වූවන් අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා සහ සේවකයින් 12 දෙනෙකු සිටින බව පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් තහවුරු කර ඇත.
අනතුරට ලක්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය වීම සඳහා තංගල්ල නගර සභාවේ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඇල්ල බස් අනතුරින් ජීවිත 15 ක් අහිමි වී තිබේ.
ඇල්ල සිට වැල්ලවාය දක්වා ගමන් කරමින් තිබූ බස් රථය ඊයේ රාත්‍රි 9.15ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් මේ බිහිසුණු අනතුර සිදුවිය., හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් විසින් මුළු රාත්‍රිය පුරාම ගලවා ගැනිමේ මෙහෙයමක නිරත වී සිටියහ.
එම මෙහෙයුමේ යෙදි සිටි පුද්ගලයින් දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල්ගත කර ඇත.







