කෙහෙල් බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් රැගත් ගුවන් යානය තවත් ටික වෙලාවකින් කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලට ලඟා වීමට නියමිතව තිබේ.
මේ වනවිට කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද මෙම ආක්ෂක කටයුතුවල නියැලී ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර අසල දී ඉන්දුනීසියානු පොලිසිය, ජාත්‍යාන්තර පොලිසියේ සහාය සහිතව ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකළ වැටලීමක දී මෙම අපරාධකරුවන් අත් අඩංගුවට ගෙන තිබිණි.
අපරාධකාර කණ්ඩායම රැගෙන ඒම පිනිස ශ්‍රී ලංකා පොලිසියේ තවත් කණ්ඩායමක් අද උදේ ජකර්තා නුවරට ගොස් තිබිණි.
මේ අතර ඉන්දුනීසියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ අත් අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරියගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.







