බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට දිවයිනට ගෙනන පාතාල කෙරුමන්ගේ ඇඳි වතේ සුළුදිය පහකළ CID ඉතිහාසගත මෙහෙයුමේ මුල මැද අග…

by editor
අගෝස්තු 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • රහසිගත පොලිස් මෙහෙයුම ගැන පොලිසිය ඇතුළෙන්ම  පාතාලයින්ට අවසන් මෙහොතේ තොරතුරු ලැබුණා ද?… අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක…

විදේශගතව සිට මෙරට මිනිස් ඝාතන, තර්ජනය කිරීම්, බියවැද්දවීම් සහ මත්කුඩු ජාවාරම්වල නිරතව සිටි කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද, පාණදුර නිලංග, බැකෝ සමන්, තැඹිලි ලහිරු නමැති පාතාලයේ අපරාධකරුවන් පස් දෙනාත් බැකෝ සමන් නමැති අපරාධකරුගේ බිරියත් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා පොලීසිය විසින් විදේශයකදී පාතාල අපරාධ කල්ලියක් කොටු කරගැනීමට මෙහෙයවූ ලොකුම මෙහෙයුම බවට ඉතිහාසගතව තිබේ.

අත්අඩංගුවටගත් මෙම අපරාධකරුවන් හෙට (30) මෙරටට රැගෙන ඒමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි. ඊට අදාළ කටයුතු ශ්‍රී ලංකා පොලීසිය, තානාපති අංශ විසින් ජාත්‍යන්තර පොලීසියේ සහයෝගය ඇතිව පෙරේදා  (27) සිදුකරමින් පැවතුණි. එරට පොලිස් නිලධාරින් 10 දෙනකුගේ කණ්ඩායමක් විසින් මෙම පාතාල සාමාජිකයන් මෙරටට රැඟෙන එනු ඇත.

මෙම පාතාල අපරාධකරුවන් ව්‍යාජ නම්වලින් සකස් කරනු ලැබූ විදෙස් ගමන් බලපත්‍ර යොදාගෙන ඉන්දුනීසියාවේ රැඳී සිට ඇති බව ද අනාවරණය වී තිබේ. මේ අතරින් කෙහෙල්බද්දර පද්මෙගේ, කොමාන්ඩෝ සලින්දගේ සහ පානදුරේ නිලංගගේ ගමන් බලපත්‍ර විනාශ කර තිබූ බැවින්, ඒවා අලුතින් සකස් කරගැනීමට නිලධාරින් කටයුතු කර ඇත.

මෙම පාතාල අපරාධකරුවන් කොටු කරගැනීමේ මෙහෙයුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බුද්ධි අංශයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර ඇත්තේ ඉකුත් ජූලි මාසයේ සිටය. ඒ, මෙම අපරාධකරුවන් මැලේසියාසියාවේදී අත්අඩංගුවට පත්වූ බවට පළවූ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මැලේසියාවට සහ තායිලන්තයට ගොස් විමර්ශන ආරම්භ කිරීමත් සමඟිනි.

එහිදී මෙම අපරාධකරුවන් ගොඩබිම් සහ ජල මාර්ග ඔස්සේ රටවල් අතර කෙරන සංචාරයන් ගැන තොරතුරු හෙළි කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම පාතාල අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී එකතු වන මොහොතක් ගැන ඇස ගසාගෙන සිට මෙම වැටලීම සිදුකර තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඉන්දුනීසියාවේ දී කළ ඉතිහාසගත මෙහෙයුම

ඉන්දුනීසියාවේ රැඳී සිටි මෙම අපරාධකරුවන් කොටු කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් සහ විශේෂ අංශයක අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවයේ නිරත සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 22 වැනි සිකුරාදා සහ ඒ ආසන්න කාලසීමාවේදීය. ඒ, මෙම අපරාධකරුවන් කොටු කරගැනීමට උගුලක් ද අටවමිනි.

මෙම පාතාල අපරාධකරුවන්ගෙන් තිදෙනකුට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන ද, දෙදෙනකුට වරෙන්තු ද නිකුත්කර තිබී ඇත. වෙනත් රටවල සිටි මෙම පාතාල අපරාධකරුවන්ට මෙරට පොලීසිය ඇටවූ උගුලකට හසුවෙමින් ඉන්දුනීසියාවට පැමිණ ඇත්තේ ද ඉකුත් සතියේදීය. ඉන්දුනීසියාවේ මෙරට තානාපති කාර්යාලයේත්, ජාත්‍යන්තර පොලීසියේත් සහාය ඇතිව ඉන්දුනීසියානු පොලීසිය සමඟ ඔවුන් කොටු කරගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ මෙරටින් ඉන්දුනීසියාවට ගිය පොලිස් කණ්ඩායම විසිනි.

එම මෙහෙයුමට සමගාමීව තාක්ෂණික මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මෙම අපරාධකරුවන් නිශ්චිත ලෙස රැඳී සිටින ස්ථාන පවා නිරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ. ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ස්ථාන කිහිපයක සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයක රැඳී සිටි මෙම පාතාල අපරාධකරුවන් පෙරේදා (27) එක් ස්ථානයකට රැස්වීමත් සමඟ අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

රහසිගත මෙහෙයුම ගැන පද්මෙලාට තොරතුරු ලැබුණා ද?

එම අත්අඩංගුවට ගැනීම සිදු වන තුරුම ඉන්දුනීසියානු පොලීසියේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් කණ්ඩායමක් සමඟ මෙරටින් ඉන්දුනීසියාවට ගිය පොලිස් කණ්ඩායමක් මෙම පාතාල අපරාධකරුවන් වෙන වෙනම නිරීක්ෂණය කර තිබේ. මෙම කණ්ඩායම එක් ස්ථානයකට රැස්වී ඇත්තේ ද ඉන්දුනීසියාවෙන් පලා යෑම සඳහාය. ඒ තමන්ගේ පස්සෙන් පොලීසිය පන්නන බවට ඔවුන්ට ඇතිවූ සැකයක් මතය. එම සැකය එල්ල වන්නේ මෙම මෙහෙයුම ගැන ඔවුන්ට ලැබුණු තොරතුරක් මත දැයි සැකයක් ද ඇති ව තිබේ. ඒ ගැන ද මේ වන විට කරුණු සොයා බලමින් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ස්ථාන කිහිපයක රැඳී සිටි මෙම කණ්ඩායම ඔවුන් සිටි ස්ථාන අතහැර එක් ස්ථානයකට රැස්වී ආරක්ෂිත ස්ථානයකට පලා යෑමේ සැලසුමක ද සිට ඇත. ඔවුන් රැඳී සිටි ස්ථානය හඳුනාගත් ඉන්දුනීසියානු සහ මෙරට පොලීසිය පැයකට දෙකකට පමණ පසු සැකකරුවන් සියලු දෙනාම එකම තැනකදී අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද ඇතුළු තිදෙනෙක් පෙරේදා උදෑසන ඔවුන් රැඳී සිටි නිවාස සංකීර්ණයෙන් කලබලයෙන් පිටතට පැමිණ මෝටර් රථයකින් පලා යමින් සිටින අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශන ද විමර්ශන නිලධාරීන්ට ලැබී තිබේ.

මෙරට පොලීසියෙන් ඉන්දුනීසියාවට ගොස් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මේ ගැන අවධානයෙන් නොසිටින්නට මෙම අපරාධකරුවන් ඉන්දුනීසියාවෙන් පලා යෑමට තිබුණු ඉඩකඩ වැඩි බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

අත් අඩංගුවට ගත් “ගෝඩ් ෆාදර්ලා”ගේ ඇඳුම්වල සුළුදිය පහ වෙලා

අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන්ගේ ඡායාරූප ගෙන මෙරටට එවා තවදුරටත් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම අපරාධකරුවන්මදැයි තහවුරු කරගැනීමට පියවර ගෙන ඇත. තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පෙනීසිටිමින් මෙරට පොලීසියට අභියෝග කළ මෙම පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ බියට පත්ව ඔවුන්ගේ ඇඳුමේ මුත්‍රා පිටවී ඇති බව ද එරටින් ලැබුණු තොරතුරු අනාවරණය කළේය.

ඉන්දුනීසියානු පොලීසිය සමඟ ශ්‍රී ලංකා පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන දෑත් පසුපසට තබා විලංගු දමන විට බියෙන් වෙව්ලමින් ජීවිතය අයැද සිටි බව ද එම තොරතුරු අනාවරණය කළේය.

මෙම පාතාල අපරාධකරුවන් මලයාසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ඩුබායි, අබුඩාබි ඇතුළු රටවල් කිහිපයක් ඔස්සේ සංචාරයේ නිරත වෙමින් මෙරට අපරාධවල නිරතව සිට ඇති බව ද අනාවරණය වී තිබේ. මොවුන් උත්සාහ දරමින් සිට ඇත්තේ යුරෝපීය රටකට ඇතුළු වීමටය. එතෙක් ඔවුන් ඉන්දුනීසියාව කේන්ද්‍ර කරගෙන රටවල් අතර සංචාරකයන් ලෙස ගැවසෙමින් සිට ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

බොහෝ කාලයක් ඔවුන් ඉන්දුනීසියාවේ රැඳී සිට ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මෙම කණ්ඩායම ඉන්දුනීසියාවේ සිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වීමට ද කටයුතු කර ඇති බව සඳහන්ය.

ඔවුන් පසුගිය කාලය තුළ රටින් රට සංචාරය කරමින් මත්කුඩු ජාවාරම සහ පාතාල අපරාධ මෙහෙයවූ සෑම අවස්ථාවක්ම පාහේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තාක්ෂණික මෙහෙයුමක් ඔස්සේ නිරීක්ෂණය කරමින් තිබී ඇත. එම තාක්ෂණික මෙහෙයුම හේතුවෙන් මෙම කණ්ඩායම ඉතා පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ ආකාරයට විදේශගතව සිටින තවත් පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇස ගසාගෙන සිටියි. ඔවුන්වත් මේ ආකාරයටම කොටු කරගැනීමට හැකි වනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

පාතාලයන්ගේපැටිකිරිය

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා පාතාල අපරාධකරුවෙක් ලෙස කලඑළි බසින්නේ 2022 වසරේ ජූලි 27 වැනිදා ගම්පහ අධිකරණ සංකීර්ණය අසලදී පස් පොඩ්ඩා නමැති පස් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම ඩුබායි සිට මෙහෙයවමිනි. පස් ජාවාරම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත එම ඝාතනය ඔහු විසින් ඩුබායි සිට මෙහෙයවීමත් සමඟ පාතාල අපරාධකරුවන් අතර පාතාලයේ වැඩකරුවෙක් ලෙස කරළියට එන ඔහු නැවතත් සමාජයේ දැඩි කතාබහකට ලක්වන චරිතයක් බවට පත්වන්නේ, කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය පෙබරවාරි 19 වැනිදා ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟිනි.

මෙම ඝාතනය සැලසුමට කමාන්ඩෝ සලින්ද නමැත්තාගේ ද සම්බන්ධයක් අනාවරණය විය. කමාන්ඩෝ සලින්ද නමැති අපරාධකරු කතාබහට ලක්වන චරිතයක් බවට පත්වන්නේ ඒත් සමඟ ය. අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමත් සමඟ පාතාලයේ ගෝඩ්ෆාදර් චරිතය රඟමින් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලිය මෙරට පාතාල අපරාධ මෙහෙයවන්නට වූයේ ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීම් ද සිදු කරමිනි. එම වෙඩි තැබීම් ඇතුළු පාතාල අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන්ට පවා මෙම අපරාධ කල්ලිය විසින් මරණ තර්ජන කරන තැනට පත්විය.

මෙම කල්ලිය සමඟ අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් අතර සිටින බැකෝ සමන් කතාබහට ලක්වන පාතාල අපරාධකරුවෙක් බවට පත්වන්නේ මිද්දෙණියේදි කජ්ජා නමැති අය සහ ඔහුගේ දරු දෙදෙනා පසුගිය පෙබරවාරි 18 වැනිදා රාත්‍රී කාලයේ ඝාතනය කිරීමත් සමඟිනි. ඩුබායිහි රැඳීසිටිමින් ඔහු එම ඝාතන සිදු කරනු ලැබුවේ තැඹිලි ලහිරු නමැති වෙඩික්කරු මඟිනි. එම ත්‍රිත්ව ඝාතනයෙන් පසු තැඹිලි ලහිරු නමැති වෙඩික්කරුවා ද ඩුබායි වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණි. ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තැඹිලි ලහිරු ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාණදුර හා ඒ අවට සිදුවූ අපරාධ රැසකට සම්බන්ධකම් ඇති මත්කුඩු ජාවාරම්කරුවෙක් වන නිලංග ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටියි. මෙම පාතාලයේ සැකකරු අත්අඩංගුවට ගෙන පැයක් ඉක්ම යන්නට මත්තෙන් ඔහුගේ මාමණ්ඩියට පාණදුරේ අලුබෝමුල්ලේදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

පෙරේදා (27) රාත්‍රී 10.30ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් පී.ඩී.එස්. ප්‍රනාන්දු නමැති 55 හැවිරිදි එම පුද්ගලයා මියගොස් ඇත. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියේ ඉලක්කයක් වී ඇති බව කල්තියා පොලීසිය ඔහුව දැනුම්වත් කර තිබී ඇති බවත් එදින සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය ද ඔහුට ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම කණ්ඩායම සමඟ අත්අඩංගුවට ගත් කාන්තාව බැකෝ සමන් නමැත්තාගේ බිරිය ලෙස හඳුනාගෙන තිබේ. ඇය අත්අඩංගුවට ගන්නා විට අත දරුවෙක් ද සිට ඇත. එම අත දරුවා බැකෝ සමන්ගේ දරුවා බව සඳහන් කර ඇත. මෙම කාන්තාව දකුණේ පදිංචිකාරියක් බවත් ඇය සම්බන්ධයෙන් ද තොරතුරු මේ වන විට පොලීසිය රැස්කරමින් පවතී. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග   විභාගය ළඟදීම…

Next Post

වරෙන්තුපිට සැඟවී සිටි රාජිත අධිකරණයට පැමිණෙයි… අද නඩු දෙකයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.