ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි තමන්නා භාතියා ඊයේ සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට (BIA) පැමිණි නමුත් පැමිණීමේ පර්යන්තයේ සිටි මාධ්‍යවේදීන්ට මුහුණ දීම ප්‍රතික්ෂේප කර තිබේ.
වාර්තාවලට අනුව, ඇය මාධ්‍ය දුටු විට ආපසු හැරී ගොස් මාධ්‍යවෙත මුහුණ දීමෙන් වැළකී සිට ඇත. ඊට හේතුව ඒ අවස්ථාවේ දී ඇය කිසිම ආකාරය රූප ලාවන්‍ය භාවිතයක් නොකර ස්වාභාවික පෙනුමෙන් සිටි නිසා බව ද කියැවැනි.අ
අනුරාධපුරයේ දී වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා භාතියා ශ්‍රී ලංකාවේ සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.







