සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරානය තවමත් නිල වශයෙන් සටන් විරාමය පිළි අරන් නෑ… යුද්ධය නවතී ද?. පවතී ද?… ලෝකයම අවධානයෙන්!

by editor
ජූනි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරානය තවමත් නිල වශයෙන් සටන් විරාමය පිළිගැනීමට නොපෙළඹීම හේතුවෙන් ඉරාන ඊශ්‍රයාල යුද තත්ත්වය සම්බන්ධව ඇත්තේ අවිනිශ්චිත වටපිටාවක් බව ජාතයාන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය පවසන්නේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගේ අදියරෙන් අදියර ක්‍රියාත්මකවන සටන් විරාම යෝජනාවට එකඟ වී ඇති අතර එය දැන් ක්‍රියාත්මක වන බවය.

ඉරානයෙන් දියත් කරන ලද නව මිසයිල ප්‍රහාරයක් පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවූ විට පවා, ඊශ්‍රායලය සටන් විරාමයක් ප්‍රකාශ කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය අද වාර්තා කළේය. තමන් සටන් විරාමයට එළඹි බව ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ නොකර සටන් විරාමයක් සම්බන්ධව ඉරාන රාජ්‍ය රූපවාහිනය ග්‍රැෆික් නිර්මාණයක් මගින් ප්‍රකාශයට පත් කළ බව අල් ජසීරා වාර්තා කළේය.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පැහැදිලි කර ඇත්තේ
“කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමක් සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයක් නොමැති.” බවය. ඔහු ප්‍රකාශ කළේ ඉරානය නියමිත කාල සීමාවකින් (ටෙහෙරාන් වේලාවෙන් පෙ.ව. 4 ට) ඊශ්‍රායලය තම ප්‍රහාර නතර කළහොත් පමණක් තමන් ප්‍රහාර නවත්වන බව හෝ ඉදිරියේ දී නැවැත්වීමට තීරණය කරන බවය.

“ඔව් – සටන් අවසානයි” යනුවෙන් දෙපාර්ශ්වයෙන්ම ඒකාබද්ධ ප්‍රකාශයක් තවමත් නිකුත් වී නැත. ඒ අනුව යුද්ධය සම්පූර්ණයෙන් අවසන් බවට අදහසක් නැත. සටන් විරාමයක් සඳහා කොන්දේසි පවතිද්දීත් සටන දිගටම පැවතීමේ හැකියාවක් ද ඇත.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

දැනට ට්‍රම්ප් යෝජනා කර ඇති සටන් විරාමයේ දී මුලින්ම ඉරානය පැය 12 ක විරාමයකින් ආරම්භ කළ යුතු අතර, පසුව ඊශ්‍රායලය පැය 12 ක් එය අනුගමනය කරනු ඇත. ඉන්පසු න්‍යායාත්මකව යුද්ධය අවසන් බව ප්‍රකාශ කරනු ඇත. එහෙත් ඊට අනුගත නොවී ඉරානය ඊශ්‍රයාලය වෙත ප්‍රහාර එල්ල කර තිබිණි. අනතුරුව මිසයිල හුවමාරුව පැවතිනි.

එබැවින් සටන් විරාමය බිඳෙන සුළු වන අතර තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නොමැත. ප්‍රධාන ප්‍රශ්න ඉතිරිව ඇත. එකඟවන කොන්දේසි මොනවාද? දෙපාර්ශ්වයම සම්පූර්ණයෙන්ම නතර වේද? එය ආරම්භක පැය 24 න් ඔබ්බට පවතිනු ඇත්ද?.

ජුනි 13 වන දින ඊශ්‍රායලය ප්‍රහාරය දියත් කළ දා සිට ළමුන් 13 දෙනෙකු ඇතුළුව 400 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර අවම වශයෙන් 3,056 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරානය පවසයි. ඊශ්‍රායලයේ, ඉරාන ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇත. දහස් ගණනක් තුවාල වී ඇත. ව්‍යසනයට ලක් වූ දේපල සහ දින 12ක යුද්ධය පවත්වා ගැනීමට වැය කළ පිරිවැය ඩොලර් බිලියන ගණනක් විය හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසා දැමූ ගල්ෆ් ගුවන් අවකාශ විවෘත වෙයි… ඊශ්‍රයාලයත් සීමිත ගුවන්වාර සඳහා ගුවන් කලාපය විවෘත කරයි!

Next Post

කිරි ඉබ්බන් 13 දෙනෙක් මස් කළ මස්වැද්දියන් 03ක් අත් අඩංගුවට….

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.