-
දැනට විදේශගතව සිටිනා නිලධාරීන් දෙදෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ගන්නට CID ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය පතයි!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය තුළ සිදු කරන ලද විදේශ සංචාරයක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව, හිටපු ජනාධිපතිවරයා යටතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පොලිස් ආරංචි මාර්ගවලට අනුව, මෙම පරීක්ෂණය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන අතරතුර සිදු කරන ලද විදේශ සංචාරයක් ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කරමින් ඇති බවය.
අදාළ නිලධාරීන් දෙදෙනා දැනට විදේශගතව සිටින බව වාර්තා වේ. අදාල ප්‍රශ්න කිරීම් සඳහා ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පහසුකම් සලස්වා ගැනීමට සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදෙශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමට ඉල්ලීමක් කර ඇතැයි නිව්ස් ෆස්ට් වාර්තා කර තිබේ.







