පසුගිය මස 31 වැනි දින දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිය මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති තරුණියකට මීගමුව මහ රෝහලේදී ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඇය සිය අතවර සිද්ධිය මීගමුව පොලිසියට පැමිණිලි කර ඇත්තේ මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂවරයා හරහාය.
ඒ අනුව අදාළ තරුණිය පසුගිය 02 වැනි දින අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය වාර්තාව සම්බන්ධව අදාළ තරුණිය සෑහිමකට පත් වී නොමැති බවද පොලීසිය පවසයි.
මේ හේතුවෙන් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත කාන්තාව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පවසන්නේ මින් පෙර සිදුකළ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් අදාල වෛද්‍යවරයා තම සංගමයෙන් නෙරපා හැර ඇති බවත් රජයේ රෝහලක් තුළ සිදුව ඇති මෙම බරපතළ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.







