2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට මැතිවරණ කොමිසම විසින් දින නියම කර තිබේ.
ඇප මුදල් තැන්පත් කිරීම මාර්තු මස 03 දින සිට මාර්තු මස 19 දින මධ්‍යාහන 12 දක්වා කාලය තුළ පොහොය සහ සෙනසුරාදා ඉරිදා දින හැර ඉතිරි දිනවල දී සිදු කෙරනු ඇත.
ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනෙයි මහ නගර සභාව, දෙහිඅත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව, කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පුනාකරි ප්‍රාදේශීය සභාව, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පාලාත් පාලන ආයතන 336ක් සඳහා මෙම නාමයෝජනා කැඳවනු ලැබේ.
අදාල නිවේදනය පහත දැක්වේ.







