ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වූවාය. බෙහෙවින්ම ජනාදරයට පත් චරිත ගණනාවකට පණ පෙවූ ඇය සම්මානිත රංගන ශිල්පිනියකි.
සුසන්තා චන්ද්‍රමාලි 1964 පෙබරවාරි 21 වැනිදා හම්බන්තොට මුල්කිරිගලදීය. ජනප්‍රිය යොවුන් නිලියකවන තිසුරි යුවනිකාගේ මව සුසන්තා චන්ද්‍රමාලිය.
වසර පහක සිට සිටියේ රෝගීව ප්‍රතිකාර ලබමින් සිටි සුසන්තා තමන් පෙළන පිළිකාවක මුල්ම අවස්ථාව පිළිබඳව හඳුනා ගන්නේ 2020 මුල් භාගයේ දී ය. හ
අනතුරුව ඉතාම උපේක්ෂාවෙන් සහ ධෛර්යයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙමින් අඛණ්ඩ ප්‍රතිකාර සඳහා ඇය යොමු වූවාය. ඇය ජීවිතය හැර යන්නේ මේ ප්‍රතිකාර මාලාව තුළදී මය.
අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙනු ඇත.







