බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්කාර් සම්මාන ලාභි විශිෂ්ට නලු ජීන් හැක්මන්ගේත් ඔහුගේ බිරියගේ සහ සුරතල් බල්ලාගේත් මළ සිරුරු හමුවෙයි!

by editor
පෙබරවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 60කට වැඩි වෘත්තීය ජීවිතයකදී ඔස්කාර් සම්මාන දෙකක් දිනාගත් විශිෂ්ඨ චරිතාංග නළුවෙකු වන ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ වන පියානෝ වාදන ශිල්පිනී බෙට්සි අරකාවා සහ නිවසේ සිටි සුරතල් බල්ලා සමඟ මිය ගොස් ඇති බව නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි ෂෙරිෆ් කාර්යාලය අද ( 27) නිවේදනය කළ බව ඒජන්සි වාර්තා සඳහන් කරයි.

ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය පැවසුවේ 95 හැවිරිදි හැක්මන් සහ 64 හැවිරිදි බෙට්සි මියගොස් සිටිය දී අද (27) දහවල් 1:45 ට පමණ සොයා ගත් බව ය.

“මේ අවස්ථාවේ මරණයට නිශ්චිත හේතුව නිශ්චය කර නෑ… මෙය සැන්ටා ෆේ ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය විසින් ක්‍රියාකාරී සහ අඛණ්ඩ පරීක්ෂණයක් සිදුකරනු ලබනවා” ප්‍රාන්ත ෂෙරීෆ් කාර්යාලය පැවසුවේය.

ස්වකීය ගාම්භීර රළු හඬ නිසාම වඩාත් ප්‍රසිද්ධ වූ හැක්මන් රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර නාවික භටයෙකු ලෙස සේවය කළේය. වර්ෂ 1960 ගණන්වල මුල් භාගයේ ආරම්භ වූ දිගු වෘත්තීය රංගන ජීවිතය තුළ චිත්‍රපට 80කට අධික සංඛ්‍යාවක මෙන්ම රූපවාහිනියේ සහ වේදිකාවේ ද හැක්මන් පෙනී සිටියේය.

1967 දී “බොනී ඇන්ඩ් ක්ලයිඩ්” චිත්‍රපටයේ බැංකු මංකොල්ලකාර ක්ලයිඩ් බැරෝගේ සහෝදරයා ලෙස රඟපෑ ඔහුගේ විශිෂ්ඨ රූපණය වෙනුවෙන් ඔහු සිය පළමු ඔස්කාර් නාමයෝජනා ලබා ගත්තේය. 1971 දී “අයි නෙවර් සැන්ග් ෆෝ මයි ෆාදර්” චිත්‍රපටය සඳහා හොඳම සහය නළුවා ලෙසද ඔහු නිර්දේශ විය.

RelatedPosts

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

අධ්‍යක්ෂ විලියම් ෆ්‍රීඩ්කින්ගේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන “ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්” හි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුපස හඹා යන නිව්යෝර්ක් රහස් පරීක්ෂක පොපේ ඩොයිල් ලෙස ඔහුගේ රංගනය හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවේය.

1993 දී “අන්ෆර්ගිවන්” චිත්‍රපටයේ නපුරු ෂෙරිෆ්වරයෙකු ලෙස කළ රංගනයට හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය ද ඔහු දිනා ගත්තේය. 1988 “මිසිසිපි බර්නිං” හි එෆ්බීඅයි නියෝජිතයෙකු ලෙස ඔහුගේ රංගනය ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ විය. ඔහු අවසාන වශයෙන් රංගනයට දායක වන්නේ වර්ෂ 2004 දී “වෙල්කම් ටු මූස්පොට්” විකට චිත්‍රපටය සඳහාය.

නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ නගරයෙන් පිටත ජීවත් වූ හැක්මන් දෙවරක් විවාහ විය. ඔහුට දරුවන් තිදෙනෙකු සිටියේය. ඔහුගේ පළමු බිරිය ෆේ මෝල්ටිස් ය. ඇය 2017 ඔහු 1991 දී බෙට්සි අරකාවා සමඟ විවාහ විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුහුරු පද්ධතියක් තුළ අමු මිරිස් වවා අක්කර කාලකින් ලක්ෂ 9කට වැඩි ආදායමක් ගත් ගොවි මහත්තයා…

Next Post

ණයට කුඩු ටොන් ගණන් දෙන ජාත්‍යාන්තර පාතාලයේ පිළිගැනීම පද්මේට යද්දි රටේ අනෙක් පාතාල කල්ලි කලබල වෙලා…

Related Posts

පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.