මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ඇලහැර, තෝරපිටිය ගම්මානයේ ගොවි මහතෙකු, අක්කර කාලක, සුහුරු පද්ධතියක් තුළ සිදුකළ මිරිස් වගාවකින් ඉතා කෙටි කාලයකදී රුපියල් 9,31,508 [ නවලක්ෂ තිස්එක්දාස් පන්සිය අටක ] ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇත.
2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන ලද මෙම මිරිස් වගාවෙන් 2025 ජනවාරි 25 වෙනිදා දක්වාම අස්වනු වාර පහක් ඔහු නෙළාගෙන ඇති තිබේ.
මෙම ආදායම ලබා ගැනීමට සමත් වී ඇත්තේ ආර්.එම්. චතුර සුදත් රත්නායක (42) ගොවි මහතාය.
ඔහු අස්වනු නෙලන සෑම අවස්ථාවකදී වෙළඳපොලේ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 900 කට ඉහලින් තිබූ බවත්, තමන් අක්කර කාලක භූමි ප්‍රමාණයකින් මෙලෙස විශාල ආදායමක් ලබාගත් පළමු අවස්ථාව මේ වන බවත් රත්නායක ගොවි මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද මහවැලි ව්‍යාපාරයේ වැල්ලේවල කොට්ඨාස කාර්යාලය මගින් තමන්ට මෙම සුහුරු ක්‍රමයට මිරිස් වගාව කිරීමට උපදෙස් ලබාදුන් බව ඔහු පැවසීය.
ඒ අනුව වී වගාවෙන් ගන්නා ආදායමට වඩා මෙවර මහ කන්නයේ, අමු මිරිස් විකුණා රුපියල් ලක්ෂ නවයකට වැඩි ආදායමක් ලබාගැනීමට හැකි වූ බවද ඔහු කීවේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධිකාරියේ මූල්‍ය දායකත්වය මත පළමු අදියරේ ගොවීන් පස්දෙනෙකුට මෙම සුහුරු පද්ධතිය තුළ
මිරිස් වගා කිරීමට ආධාර සහ භාණ්ඩ ලබා දී තිබිණි.
මේ ව්‍යාපෘතිය හා එක් වුන සෙසු ගොවීන්ද අමු මිරිස් අලෙවියෙන් විශාල ආදායමක් ලබාගෙන තිබීම විශේෂත්වයකි.
එම ගම්මානයේ පදිංචි ඩබ්.ජී.නවරත්න බංඩා ගොවි මහතාද, අක්කර කාලක සුහුරු පද්ධතිය තුළ පසුගිය නොවැම්බර් මස අමු මිරිස් වගාව ආරම්භ කර ඇති අතර, මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක වගාවෙන් අස්වනු වාර දෙකකදි නෙලාගත්
අමු මිරිස් විකුණා රුපියල් ලක්ෂ 7 කට ආසන්න ආදායමක් ලබාගෙන තිබේ.







