දිනසේන රතුගමගේ –
ඊයේ (06) දිනයේ දි නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයකට යාපනයේ ගුරුනගර් පොලීසිය වෙඩිතබා එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.
ගුරුනගර් ප්‍රදේශයේ ඇලකින් බලපත්‍ර නොමැතිව වැලි කපා නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි යන විට වැලි පටවා ගත් ටැක්ටරය ඉතා වේගයෙන් ධාවනය කරවන්නට පටන් ගෙන තිබේ.
පොලීසිය එම ටැක්ටරයට නවතින ලෙස සංඥා කරණ ලද නමුත් එය නොනවත්වාම ධාවනය වූ නිසා පොලීසිය ට්‍රැක්ටරයේ ටේලර් පෙට්ටියට වෙඩි තබා එය නතර කරගෙන ඇත.
මේ අවස්ථාවේදී ටැක්ටරයේ සිටි තුන් දෙනාගෙන් දෙදෙනෙකු බිමට පැන පලා ගොස් ඇති අතර ටැක්ටරයේ රියදුරා අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැත.
ගුරුනගර් පොලීසියේ නිලධාරීන් විසින් එම සැකකරු හා ට්‍රැක්ටරය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසිය වෙත බාර දී තිබේ.







