වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියහ.
ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළැඹෙන 29වනදා ආරම්භවීමට නියමිතය.
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග දෙකක් ද පැවැත්වේ. එම තරග එම තරග පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි කටයුතු යොදා තිබේ.







