මේ වසරේ ගතවූ කාලය තුළ සිදුවූ පුද්ගලයින් 60 දෙනෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. මෙ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 44ක් තුවාල ලබා ඇත.
මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 98 කි. ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, ඊයේ (20) ගාල්ල දඩල්ල ප්‍රදේශයෙනි.
දඩල්ලේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මාළු ව්‍යාපාරිකයෙක් ඉලක්ක කරගෙන යතුරු පැදියකින්ම පැමිණි ඝාතකයින් දෙදෙනෙක් කළ වෙඩි තැබීමක දී එම 38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයා මිය ගොස් ඔහුගේ බිරිය තුවාල ලැබීය. තුවාල ලද බිරිය මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් පසුවෙයි.







