සුමිත් පොතුපිටිය –
පානදුර කුඩු සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර විසින් නියෝග කර තිබේ.
එකී ශරීර ඇප වලට අමතරව විදේශ ගමන් තහනමක් නිකුත් කල අතර , කටුනායක සහ මත්තල ගුවන් තොටුපල අධිකාරී වරුන්ට සහ ආගමන විගමන පාලක වෙත නියෝග නිකුත් කිරීම සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටීම, නඩුවේ වින්දිත පාර්ශවයට හෝ සාක්කිකරුවන්ට බලපෑමක් නොකිරීම ඇතුළු දැඩි කොන්දේසි ගණනාවක් සැකකරු වෙත දැඩි ඇප කොන්දේසිද නිකුත් කර ඇත.
සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාලව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කරන ලදි.
ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නගා තිබුණි.
නීතිඥ ජාලිය සමරසිංහ , ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච් කේ කේ හීනටිගල යන නීතිඥවරු විත්තිය වෙනුවෙන් පෙනීසිටින ලදී.
නඩුව 2025 පෙබරවාරි 10 දින යලි කැදවීමට නියමිතව ඇත.
පානදුර අධිකරණය භූමිය සහ ඒ අවට දැඩි පොලිස් සහ විශේෂ පොලිස් කාර්ය බළකා ආරක්ෂවක් යොදා තිබු අතර , අධිකරණයෙන් ඇප මත නිදහස් වූ සලිදු මල්ෂික සිය ආධාරකරුවන් සහ නීතිඥ කණ්ඩායම සමග අදුරු කළ වෑන් රථයකින් අධිකරණ භුමියෙන් පිටව යන ලදී.







