ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ලොහාන් රත්වත්තේ නැවත බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු යොදා ඇතිබව බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
බන්ධනාගාර රෝහලේ සිටින අතර තුරදී ඇති වූ හදිසි අපස්මාර රෝග තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහල වෙත පසුගිය 2 වන දින රාත්රියේදී ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහු සුවය ලබා සිටින බැවින් නැවත බන්ධනාගාර රෝහල වෙත යැවීමට ජාතික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
ඔහු ශ්වසන අපහසුතාවයකින්, සිරෝසීස් රෝගයෙන්, පෙනහළු සහ අග්න්‍යාශය ආශ්රිත රෝගී තත්ත්වවලින් පෙළෙමින් සිටින බව බන්ධනාගාර රෝහලෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු නිකුත් කළ වාර්තාවේ සඳහන් විය. එමෙන්ම දී ඔහුව බන්ධනාගාර රෝගීන් යොමු කරන කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියගේ අධීක්ෂණයට ලක් කිරීමට සූදානම්ව සිටියේය. ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර ඇතතේ ඒ අතර ඇති වූ අසනීප තත්ත්වයක් හේතු නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඔහු හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා බැවින් ඔහුට විශේෂ ආරක්ෂාව සලසන ලෙස ද අධිකරණය නියෝග කර තිබිණි. එමෙන්ම විශාල රෝග ප්‍රමාණයකින් පීඩා විඳිමින් සිටි ලොහාන් රත්වත්ත බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.







