දිනසේන රතුගමගේ –
මහවිරු දිනය සැමරීම සදහා ජනතාව පෙලඹවීම හා ඊට අවශ්‍ය පරිසරය සකස් කිරීම යන චෝදනා මත මුලතිව් පොලීසිය මගින් මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පුද්ගලයින් 46 දෙනෙකු වග උත්තර කරුවන් කොට තිබේ.
මේ වග උත්තරකරුවන් 46 දෙනාගෙන් 14 ක්ම පළාතේ දේශපාලනඥයින් වන අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී ශාන්තිනී කනගරත්නම් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී.රවිහරන්ද වෙයි.
පොලීසිය විසින් ඉදිරිපත් කරණ ලද පෙත්සමට එරෙහිව මේ දේශපාලනඥයින් විසින්ද මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට අත්තේ ඔවුන් මහවිරු දිනය සැමරීමට කටයුතු නොකළ බවයි.
අදාප පෙත්සම් දෙකෙහිම වග උත්තර කරුවන්ට 27 වෙනි දින මුලතිව් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මුලතිව් මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා 24 දා නියෝග කොට තිබේ.